IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තැපෑල අප්‍රේල් 12 ත් වැඩ

 (අංජුල මහික වීරරත්න)                                                              

අප්‍රේල් 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවත් එදිනත් රාජකාරි කිරීමට තැපැල් සේවකයන් එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

අලුත් අවුරුදු සමයට අදාලව මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණය ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම සඳහා සියලු කටයුතු කෙරෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

පසුගිය සමයේ ඉන්ධන පෝලිම්වල සිටි ජනතාව මෙවර අලුත් අවුරුද්ද නිමිත්තෙන් රෙදිපිලි ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඒකරාශී වී සිටින අයුරු දැකගත හැකි බවත් එම වෙනස  ඇතිවූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් දියත් කළ රට ගොඩ නැඟීමේ වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය නිසා බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

 



අදහස් (2)

තැපෑල අප්‍රේල් 12 ත් වැඩ

පිටරටවැසියා Wednesday, 10 April 2024 01:13 AM

තැපෑල ගැන කියන්න ආවනම් ඒක කියන්නෙ නැතිව අනුප්‍රාප්තික ජනාධිපතිට කඩේ යන්නෙ නැතිව ඉන්නවද? හෙට අනිද්දට ගෙදර බිරිඳත් දන් දෙයි මේ කඩේ යන විදිහට ....

:       0       2

Bamunuarachchi Wednesday, 10 April 2024 02:04 AM

පොත අත්සන් කරලා අවුරුදු සමරන්න ගෙදර යන අයගැන විමසිලිමත්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site