මානසික රෝගියකු බව කියන පුද්ගලයකු බම්බලපිටිය මුහුදු වෙරළේදී ගිලී මිය ගිය සිද්ධියේ පොලිස් සැකකරුවනට ඇපදී තිබියදී තමා තුන් වසරක් පුරා රිමාඩ් බාරයේ සිටියැයි පතිරගේ රාජා නම් සැකකරුවෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට තම දුක්ගැනවිල්ල කීවේය. කුලී වැඩ කරන්නකු වන තමා එම පුද්ගලයා-බාලවර්ණම් සිවකුමාර්-- ගොඩ ගැනීමට ගිය බවත්, මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පොලිස් නිලධරයාට යළි රස්සාවද දී ඇති බවත් ඔහු කීවේය. මහාධිකරණයට ඇප අයදුමක් ඉදිරිපත් කරන්නැයි මහේස්ත්රාත්වරයාට කීවිට රාජා පැවසුවේ එවැනි දෙයක් කිරීමට හැකියාවක් නැති බවයි. ඔහු නීති ආධාර කොමිසමේ සහාය ලබා දෙන්නැයි මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට උපදෙස් දුන්නේය. මේ සිද්ධියේ ප්‍රධාන සැකකාර පොලිස් කොස්තාපල් දිමුතු සොම්නාස් රිමාන්ඩ් බාරයේ දිටියදී මිය ගියේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘තුන් වසරක් නිකරුණේ රිමාන්ඩ්‘
දුලිප් Thursday, 03 May 2012 05:07 PM
අහිංසක මිනිසුන්ට කාගේ පිහිටක්ද?
මොහාන්-rome italy Thursday, 03 May 2012 05:52 PM
දැන් බලනකොට මිනිස්සුන්ව බේර ගන්න අය ඔක්කොම වගේ හිරේනේ
ලාල් ගලබඩ ඉතාලියේසිට.. Thursday, 03 May 2012 06:06 PM
නීතියේ එතනම හිලක්.ඕක වහන්න පුලුවන් ජගතෙක් තවම ඉපදිලා නැත.
සුජීව Thursday, 03 May 2012 06:31 PM
අපේ ඉඩම් නඩුවක් තියෙනවා 1982 ඉදන් ....තව ඉවර නෑ....
නිලන්ත ලොකුගේ Friday, 04 May 2012 06:02 AM
ඔබ සියළු දෙනාට ගොඩාක් පින් මේ කරපු දේට....
මර්වින් Friday, 04 May 2012 08:07 AM
කොහොමද දැන් එයාට? (ස)