ශ්‍රී ලංකාවේ වාසය කරන සිංහල, දෙමළ හා මුස්ලිම් තුන් ජාතියම සමගියෙන් එකමුතුව ජීවත් විය යුතු බවත්, අලුත්ගම හා ධර්ගා නගරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය කනගාටුදායක බවත් දවුල්දෙණ ඤාණිස්සර අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නා හිමියෝ කියති.
‘බෞද්ධයන් වශයෙන් අප සියලු දෙනාම ජාති, ආගම් බේදයෙන් තොරව සමගියෙන් එකමුතුව ජීවත් වූ රටක්. කිසියම් සිද්ධියක් වුණානම් සාකච්ඡාවෙන් ඒවා විසඳ ගත යුතුයි. ජීවිත හානි දේපොළ හානි සිදු කර ගත යුතු නොවේ.‘
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
‘තුන් ජාතියම එකමුතුව ජීවත් වන්න ඕනෑ‘
නිල්මිණි Tuesday, 17 June 2014 07:48 PM
හරියට හරි, ඇයි මෙහෙම හිතන්න බැරි ඔක්කෝටම (නදී)
නිසාර් Tuesday, 17 June 2014 07:55 PM
මුස්ලිම් වන අපිත් අනයෝන්‍ය අවබෝදයෙන් සියලු ජාතින් සමග සහයෝගෙන් ජීවත් විය යුතුයි (නදී)
ඉජායිස් අහමඩ් Tuesday, 17 June 2014 08:00 PM
අපි හැමෝම එකම රටේ මිනිස්සු. අපි හැමෝම සමගියෙන් ඉමු (නදී)
ඩිලාන් Tuesday, 17 June 2014 08:00 PM
අපේ මහනායක මල්වතු අස්ගිරි දෙපාර්ශවයේ හිමි වරු ධර්ම ප්‍රචාරයට පිටරට වත් වැඩලා වෙන්න ඇති . රටේ මෙතරම් කලබැගෑනියක් වෙලත් ජනතාවට සන්සුන් වෙන්න කියලා ප්‍රකාශයක් වත් කරන්න බැරි වුනේ ඒ නිසා වෙන්න ඇති. (නදී)
ගයාන් Tuesday, 17 June 2014 08:08 PM
මේ දේවල් කවුරු කවුරුත් පිළිපදිනවා නම් තමා හොඳ. උදේට තමන්ගේ ආගම සිහි කරලා හවසට අනුන්ගේ ජීවිත දේපල හානි කරලා වැඩක් තියනවාද ? (නදී)
එ සෑම් Tuesday, 17 June 2014 08:10 PM
මේ කාගේ ලනු කාලද මෙහෙම කරගත්තේ? (නදී)
මුදිතා Tuesday, 17 June 2014 08:11 PM
ඕක කියන්නේ දැන්ද ? හැමදේම අවුල් වෙලා (නදී)
ජයන්ත Tuesday, 17 June 2014 08:13 PM
අපි කවුරුත් යම් දවසක මැරෙනවා. මේ නිසා ජීවත්ව ඉන්න කාලය අනිත් අයට හිරිහැර කරදර කරන්නේ නැතිව ඉඳිමු . මා දන්නා තරමින් කිසිම ආගමක අනිත් කෙනාට හිංසා පීඩා කරන්න කියලා නැහැ. (නදී)
රොකී Wednesday, 18 June 2014 08:49 AM
සෑම ජාතියකටම එකමුතුව ජීවත්වෙන්න මේ පුංචි රටේ කිසිම බාධාවක් නැහැ (නි)
ප්‍රියංකා Wednesday, 18 June 2014 02:20 PM
වැදගත් විදියට කොමෙන්ට්ස් දාල තියෙන අපේ මුස්ලිම් සහෝදර වරුන්ට පන උනත් දෙනවා. එ්ත් අන්තවාදී අපේ උරුමය විනාශ කරන සුළු කොටසක් නිසයි මේ ඔක්කොම ප්‍රශ්න.(නදී)
මධුභාෂිනී Tuesday, 17 June 2014 08:15 PM
" කාලෝ අයං තේ " (නදී)
උදිත Tuesday, 17 June 2014 08:16 PM
සියලුම ආගමික පුජක තුමන් ලා තම තමන්ගේ අනුගාමිකයන් හික්මවා ගත්තා නම් මේ ප්‍රශ්නය මෙතරම් දුරදිග යන්නේ නැහැ. (නදී)
පිටිගල Tuesday, 17 June 2014 08:46 PM
තම තමන්ගේ ආගම් ස්වභාවිකව ව්‍යාප්ත වෙන්න ඇරලා, බලහත්කාරයෙන් එක කරන්න නොගිහින් අනුන්ගේ ආගම් වලට අපහාස නොකර, අනුන්ගේ ආගමික ස්ථාන බලෙන් අල්ල නොගෙන අන්‍ය ජාතිකයන් වඳ කරන්න උත්සාහ නොගෙන හැම ජාතිකයාම තමන් කරන රැකියාව හෝ ව්‍යාපාරය කරගෙන හිටියා නම් ප්‍රස්නයක් ඇතිවෙන්නේ නැහැ. අත් දුටුයි! සත්තයි.!! (අ)
නිමල් ලලිතා Wednesday, 18 June 2014 02:56 PM
රටේ සෑම දෙනාටම පාර්ලිමේන්තුවෙන් පමණක් සම්මත වන නීති වලින් ජිවත් වීමට සලස්වන්න. ආගමික නීති මගින් කෙරෙන ව්‍යාප්තවාදය, ආගමික පුද බිම වැනසීම , ජනතාව මත සුළුවෙන් හෝ බර පැටවීමට ඉඩ ඇති නීති පැනවීම තහ නම් කරවන්න. (නදී)
මංජුල Wednesday, 18 June 2014 02:58 PM
ඔව් අපි ඔක්කොම ලාංකිකයෝ (නදී)
නිර්මාල් Tuesday, 17 June 2014 09:18 PM
ජාතික සමගිය තරම් වටිනා වෙනත් දෙයක් නැහැ (නි)
තබිත Wednesday, 18 June 2014 10:32 AM
මම නම් හිතන්නේ මෙලොව ඉන්නේ ජාතින් 2කයි ස්ත්‍රී හා පුරුෂ (නදී)
කැනඩා දිසා Wednesday, 18 June 2014 10:48 AM
ගරු ස්වාමීන් වහන්ස අවසරයි. මේ තරම් දේවල සිද්ද වෙද්දිත් ඇයි ඔබ වහන්සේලා නිශ්සබ්ද? (නදී)
ශමිල ඕක්ලන්ඩ් Wednesday, 18 June 2014 10:58 AM
පිටිගල මිහිඳු හිමියනුත් ඔය වගේ හිතුවා නම් ඔයා බෞද්ධයෙක් වෙයිද ? (නදී)
ජෙරාඩ් Tuesday, 17 June 2014 10:21 PM
සහතික ඇත්ත (දී)
සජීව් Tuesday, 17 June 2014 11:27 PM
පිටිගල, ඔබ ඇත්ත ඇති සැටියෙන් පැවසුවා. ස්තුතියි! (නි)
ශිරෝමි- පිළියන්දල Wednesday, 18 June 2014 12:35 AM
පිටිගල, ඔබ හරියට හරි (නි)
ප්‍රනාන්දු Wednesday, 18 June 2014 12:42 AM
එදා තිබුණ සුන්දර ශ්‍රී ලංකාව ගැන සිතද්දී සිතට දැනෙන්නේ අද තත්ත්වය ගැන ලොකු දුකක් (නි)
චානක. Wednesday, 18 June 2014 12:55 AM
අපේ රටේ ජාතීන් අතර විරසකයක් නැතිබවයි මගේ නම් හැඟිම වන්නේ (නි)
ඉසුරන්දි Wednesday, 18 June 2014 12:33 PM
කිසිම ආගමික ශ්‍රස්තුවරයෙක් කොතනකදිවක් දේශනා කරලා නැහැ අනුන්ට හිංසා කරපල්ලා කියා. දහමෙන් කල්ක්‍රියාවෙන් ජිවත් වෙන්න තමයි උන්වහන්සේලා දේශනා කලේ. ඉතින් ආගමක් ධර්මයක් නැති එකා හරියට තිරිසනෙක් හා සමානයි. (නදී)
රන්ජිත් Wednesday, 18 June 2014 04:05 AM
ප්‍රශ්නයක් තිබෙනවා නම් විසඳුමකුත් තිබෙනවා. බුද්ධාගම ඇතුළේ සිටිමින් බුද්ධාගම විනාශ කරන අය ගැන යමක් කළ යුතුයි. ජනතාව මේ උදවිය ගැන දැනගත යුතුයි. (නි)
අහිංසා Wednesday, 18 June 2014 06:52 AM
ඔබ වහන්සේගේ ප්‍රකාශයට ඉතා සිතින් ගරු කරමි. නමුත් හාමුදුරුවනේ, නුසුදුස්සන්ට බුදුන්ගේ චීවරය ඇඳගෙන චණ්ඩිකම් කරන්න ඉඩදෙන්න එපා. (නි)
කුමාරී Wednesday, 18 June 2014 07:44 AM
අපට ඕනේ ලංකාවේ සිංහල දෙමල මුස්ලිම් සියලු දෙනාම එකසේ ජිවත් වන්නයි. නමුත් එ්කට කැමති නැති තමන්ගේ අරමුණු සදහා කටයුතු කරන පිරිස් ඉන්නවා. ගොඩක් අය ජාති වාදය ගැන කතා කරනවා. හිතන්න පොඩ්ඩක් ජාතිවාදය ඇති කරන්නේ කවුද කියලා (නදී)
කුමාරී Wednesday, 18 June 2014 08:05 AM
අපි ජාතින්ගේ එකමුතුව ගැන කතා කරනවා.නමුත් එය නැතිකරන්නේ කවුද කියලා ලංකාව දිහා පමණක් නෙමෙයි ලෝකය දිහා බැලුවාම ඕනෑතරම් උදාහරණ තියනවා. (නි)