IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තුන්වැනි සතියේත් පිතිකරුවෝ අණසක පතුරති

කී‍්‍රඩා සමාජ 20 ක් තරගයට පිවිස සිටින අන්තර් කී‍්‍රඩා සමාජ ප‍්‍රධානතම කි‍්‍රකට් තරගාවලියේ තුන්වැනි සති අන්තය වන විට සිවුවැනි ද්විත්ව ශතකයක් වාර්තා කරමින් රාගම කී‍්‍රඩා සමාජයේ උදාර ජයසුන්දර ලකුණු 222 ක් ලබාගැනීමට සමත් විය.

කොළඹ බී. ආර්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගයේදී උදාර ජයසුන්දර (222) සහ ඉයන් ඩැනියල් (172) දෙදෙනා එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 333 ක සම්බන්ධතාවක් පැවැත්වීමටද සමත් වූහ.

උදාර ජයසුන්දර පන්දු 298 කදී හතරේ පහර 22 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 222 ක් රැස්කිරීමට සමත් විය.

මෙවර තරගාවලියේදීම පසුගිය සති අන්ත දෙකේදී ද්විත්ව ශතක ලබාගැනීමට ජීවන් මෙන්ඩිස් (නොදැවී 206), උපුල් තරංග (නොදැවී 205) අෂාන් පි‍්‍රයන්ජන් (235) සමත් වූහ.

බී. ආර්. සී. ක‍්‍රීඩාංගණයේ පැවැති තරගයේ ඉනිම තුනකදී ලකුණු 1161 කට කඩුලූ 24 ක් පමණක් බිඳ වැටුණු අතර රාගම පිල නියෝජනය කරන ටෙස්ට් ක‍්‍රීඩක දකුණතින් පා දඟ පන්දුයවන මාලිංග බණ්ඩාර එහිදී ලකුණු 176 කට කඩුලූ 8 ක් දවාගත්තේය.  

ඩිල්රුවන් පෙරේරාගේ (163/9) සහ චාමර සිල්වාගේ (104) දස්කම් නිසා අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි සතිය යටතේ අද (17) අවසන් වූ තරගවලදී පානදුර ක‍්‍රීඩා සමාජය වසර හතකට පසුව කොළඹ ප‍්‍රධානතම ක‍්‍රීඩා සමාජයක් වන බ්ලූම්ෆීල්ඞ් පිල ලකුණු 101 කින් පරාජය කිරීමට සමත් විය.

පානදුර ක‍්‍රීඩා සමාජය 2005/2006 තරගවාරයේ බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී බ්ලූම්ෆීල්ඞ් පිල කඩුලූ 7 කින් පරාජය කරමින් අවසන් ජයග‍්‍රහණය ලබා සිටියේය. ඩිල්රුවන් පෙරේරා එම තරගයේදී ද පානදුර පිලේ ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් නොදැවී ලකුණු 100 ක් රැස් කළේය.

පළමු ඉනිමේ පරාජයට පත්ව සිටි මුවර්ස් පිලේ දෙවැනි ඉනිමේදී ජනක ගුණරත්න (නොදැවී 155) සහ ඉෂාම් ගවුස් (නොදැවී 112) පස්වැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 260 සම්බන්ධතාවක් පවත්වමින් කෝල්ට්ස් පිලට අනපේෂිත කඩුලූ 6 ක පරාජයක් ගෙන ඒමට සමත් වූහ. 

අජන්ත මෙන්ඩිස් සතියේ පන්දුයවන්නා බවට පත්වෙමින් ලකුණු 105 කට කඩුලූ 11 ක් දවාගනිමින් යුද හමුදා පිල පිට පිටම තෙවැනි ජය දක්වා කැඳවාගෙන යාමට සමත් විය.

 

බී. ආර්. සී. ක‍්‍රීඩාංගණයේදී (තරගය විසඳුමකින් තොරව අවසන්)

බී. ආර්. සී. පිල පළමු ඉනිම 367

(ඩිල්ෂාන් විතාරණ 70, හෂාන් ගුණතිලක 28, රොස්කෝ තටිල් 57, මලිත් කුරේ නොදැවී 90, ගිහාන් දිල්රුක් 76, ළහිරු ජයරත්න 30/2, මාලිංග බණ්ඩාර 90/6) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ට 238 (හෂාන් ගුණතිලක 28, බුද්ධි සමරවික‍්‍රම නොදැවී 72, ගිහාන් දිල්රුක් 96, මාලිංග බණ්ඩාර 86/2, මිලින්ද සිරිවර්ධන 54/2)

රාගම පිල පළමු ඉනිම කඩුලූ 8 ට 556

(උදාර ජයසුන්දර 222, ඉයන් ඩැනියල් 172, සමීර සොයිසා 36, මිලින්ද සිරිවර්ධන 55, ධනංජය ද සිල්වා නොදැවී 37, රොස්කෝ තටිල් 21/2, හෂාන් ගුණතිලක 73/3)

 

පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී (පානදුර පිලට ලකුණු 101 ක ජයක්)

පානදුර පිල පළමු ඉනිම 214

(තරිඳු තුෂාන් 22, චානක විජේසිංහ 26, ප‍්‍රසන්න ජයවර්ධන 77, චන්දන අරවින්ද 31, චරිත බුද්ධික 28, ඉම්රාන් ඛාන් 67/5, සුරාජ් රන්දීව් 52/3, චතුර රන්දුණු 46/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 285 (ලසිත් ප‍්‍රනාන්දු 64, චාමර සිල්වා 104, චතුර පීරිස් නොදැවී 70, ඩිල්රුවන් පෙරේරා 20, ඉම්රාන් ඛාන් 86/2, සුරාජ් රන්දීව් 100/3)

බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම 131

(මාධව වර්ණපුර 23, දමින්ද රණවීර 38, ඩිල්රුවන් පෙරේරා 58/3, චතුර පීරිස් 20/4) සහ දෙවැනි ඉනිම 267 (ප‍්‍රිමෝෂ් පෙරේරා 51, නදීර නාවල 29, නිපුන් කරුණානායක 22, සුරාජ් රන්දීව් 59, දමින්ද රණවීර 43, සංජය ගංගොඩවිල 43, ඩිල්රුවන් පෙරේරා 105/6)
 
කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී (මුවර්ස් පිලට කඩුලූ 6 ක ජයක්)

කෝල්ට්ස් පිල පළමු ඉනිම 149

(ශිහාන් කමලීන් 20, ඇන්ජලෝ මැතිව්ස් 63, දිල්හාර ලොකුහෙට්ටිගේ 45/5, විමුක්ති පෙරේරා 30/3, මාලින්ද පුෂ්පකුමාර 43/2) සහ දෙවැනි ඉනිම 261 (ෂෙහාන් ප‍්‍රනාන්දු 95, ශිහාන් කමලීන් 37, ඇන්ජලෝ මැතිව්ස් 84, විමුක්ති පෙරේරා 47/3, අනෝජ් කැතිපිටියආරච්චි 37/2, චතුරංග ද සිල්වා 75/5)

මුවර්ස් පිල පළමු ඉනිම 103

(ඉෂාම් ගවුස් 31, ජනක ගුණරත්න 20, සජීව වීරකෝන් 17/5, ඉෂාන් ජයරත්න 33/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 313 (ඉෂාම් ගවුස් නොදැවී 112, ජනක ගුණරත්න නොදැවී 155, අකිල ධනංජය 57/2)

 

පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී (යුද හමුදාවට ඉනිමක සහ ලකුණු 24 ක ජයක්)

ලන්කන්ස් පිල පළමු ඉනිම 200

(ග්‍රෙග් ස්මිත් 33, දේශාන් ඩයස් 30, දිල්හාන් කුරේ 29, රජීව් වීරසිංහ 33, සචිත‍්‍ර පෙරේරා 30, අජන්ත මෙන්ඩිස් 67/7, සීකුගේ ප‍්‍රසන්න 82/2) සහ දෙවැනි ඉනිම 107 (ග්‍රෙග් ස්මිත් 41, තාරක වඩුගේ 37, අජන්ත මෙන්ඩිස් 38/4, සීකුගේ ප‍්‍රසන්න 36/6)

යුද හමුදා පිල පළමු ඉනිම 331

(රිෂාන් කාවිංග 35, සුලාන් ජයවර්ධන 33, අසේල ගුණරත්න 29, සීකුගේ ප‍්‍රසන්න 32, ලක්‍ෂාන් එදිරිසිංහ 69, ඩිල්ෂාන් සොයිසා 45, රවින්ද්‍ර පල්ලියගුරු නොදැවී 26, අමිල අපෝන්සු 85/2, රජීව් වීරසිංහ 70/2, සචිත‍්‍ර පෙරේරා 60/3, දිල්හාන් කුරේ 33/2)

 

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී (ද්‍රවිඩ සංගම් පිලට කඩුලූ 8 ක ජයක්)

ගාල්ල පිල පළමු ඉනිම 137

(චානක විතානගේ 30, කෞෂල්‍ය ගජසිංහ 38, ශාමින්ද එරංග 29/3, සුරංග ලක්මාල් 21/5) සහ දෙවැනි ඉනිම 131 (ඉමේෂ් උදයංග 55, කෞෂල්‍ය ගජසිංහ 32, ශාමින්ද එරංග 41/4, රංගන හේරත් 20/5)

ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 226

(අෂේන් සිල්වා 59, ජීවන් මෙන්ඩිස් 55, සචිත‍්‍ර සේරසිංහ 40, කිත්රුවන් විතානගේ 21, රජිත් ප‍්‍රියාන් 23/2, අනිල් රිදීගම්මනගෙදර 69/3, කෞෂල්‍ය ගජසිංහ 53/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 43 (තිලකරත්න සම්පත් නොදැවී 25)

 

කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේදී (සී. සී. සී. පිලට කඩුලූ 8 ක ජයක්)

කුරුණෑගල තරුණ පිල පළමු ඉනිම 213

(මනෝජ් සරත්චන්ද්‍ර 21, මොහොමඞ් සෆ්රාස් 35, නූර් උල් හක් 26, සමන් ප‍්‍රියන්තක 52, චාමිකර එදිරිසිංහ 25, දිනුක් හෙට්ටිආරච්චි 58/2, මධුක ලියනපතිරණ 59/5) සහ දෙවැනි ඉනිම කඩුලූ 9 ට 258 (භාතිය රත්නායක 53, මොහොමඞ් සෆ්රාස් 45, අනුරුද්ධ රාජපක්‍ෂ 24, ප‍්‍රසාද් කැල්ලෙපත 30, අරවින්ද පේ‍්‍රමරත්න නොදැවී 22, නන්දික අබේසිංහ නොදැවී 22, දිනුක් හෙට්ටිආරච්චි 105/6, මධුක ලියනපතිරණ 78/2)

සී. සී. සී. පිල පළමු ඉනිම 220

(සමීන් කදනාරච්චි 85, රෝයි සිල්වා 22, හසන්ත ප‍්‍රනාන්දු 57, ප‍්‍රසාද් කැල්ලෙපත 57/4, චාමිකර එදිරිසිංහ 55/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 257 (අමල් ඇතුළත්මුදලි 95, රෝයි සිල්වා නොදැවී 106)

 

කොළඹ ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී (ගුවන් හමුදාවට ඉනිමක සහ ලකුණු 82 ක ජයක්)

සැරසන්ස් පිල පළමු ඉනිම 172

(ලසිත් අබේරත්න 26, සංජය චතුරංග 28, මොහොමඞ් අස්ලාම් 44, ආසිරි කරුණාරත්න 54/5, අකිල ඉෂංක 46/2) සහ දෙවැනි ඉනිම 169 (රාජ්කුමාර් රතික 45, ලසිත් අබේරත්න 35, සංජය චතුරංග 20, මොහොමඞ් අස්ලාම් 26, ලසන්ද රුක්මාල් 42/2, ආසිරි කරුණාරත්න 33/5, අකිල ඉෂංක 54/2)

ගුවන් හමුදා පිල පළමු ඉනිම කඩුලූ 8 ට 423

(සජිත් කැළුම්ප‍්‍රිය 127, රජිත රත්නායක 43, යශෝධ ලංකා 139, අජිත් කුමාර 41, අකිල ඉෂංක 35, ළහිරු ශ්‍රී ලක්මාල් 112/2, සමිත් දුෂාන්ත 80/3)

 

එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී (තරගය විසඳුමකින් තොරව අවසන්)

එස්. එස්. සී. පිල පළමු ඉනිම කඩුලූ 7 ට 511

(තරංග පරණවිතාන 70, දිමුත් කරුණාරත්න 116, කෞෂාල් සිල්වා 45, මහේල ජයවර්ධන 25, තිලාන් සමරවීර 111, භානුක රාජපක්‍ෂ 27, සචිත‍්‍ර සේනානායක නොදැවී 47, තරිඳු කෞෂාල් 98/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 9 ට 232 (තරංග පරණවිතාන 57, තිළිණ කණ්ඩම්බි 20, තිලාන් සමරවීර 36, සචිත‍්‍ර සේනානායක 29, චරිත් ජයම්පති නොදැවී 35, චමින්ද විදානපතිරණ 49/4, තරිඳු කෞෂාල් 56/3)

එන්. සී. සී. පිල පළමු ඉනිම 232

(දිනේෂ් චන්දිමාල් 89, ඇන්ජලෝ පෙරේරා 42, තරිඳු කෞෂාල් 27, සචිත‍්‍ර සේනානායක 74/4, චරිත් ජයම්පති 42/2, ධම්මික ප‍්‍රසාද් 72/3)

 

මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී (තරගය විසඳුමකින් තොරව අවසන්)

නාවික හමුදා පිල පළමු ඉනිම 358

(ගයාස් ක‍්‍රිස්ටෝපර් 61, බුද්ධික හසරංග 36, රනිල් රසාංග 144, යොහාන් කුමාර 52, රොෂාන් ලක්සිරි 84/4, අලංකාර අසංක 100/3) සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 1

බදුරලිය පිල පළමු ඉනිම 151

(සහන් විජේරත්න 44, මාපා බණ්ඩාර 38, රොෂාන් ලක්සිරි 21, එස්. චාමික 39/5, දුලංජන් මෙන්ඩිස් 49/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 9 ට 365 (පබසර වඩුගේ 107, සහන් විජේරත්න 39, මාපා බණ්ඩාර 51, අලංකාර අසංක 28, සාලිය සමන් 38, රොෂාන් ලක්සිරි නොදැවී 34, එස්. චාමික 78/2, දුලංජන මෙන්ඩිස් 135/4)

 

මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී (තරගය විසඳුමකින් තොරව අවසන්)

මේරියන්ස් පිල පළමු ඉනිම 140

(නුවන් කාවින්ද 23, සචිත් පතිරණ 38, චාමින්ද බණ්ඩාර 36/3, සනිත ද මෙල් 18/2, ශානුක දිසානායක 21/4) සහ දෙවැනි ඉනිම 264 (ඇන්ජලෝ ජයසිංහ 46, ගීත් කුමාර 23, උමේෂ් කරුණාරත්න 65, හේෂාන් වන්නිආරච්චි 45, චාමින්ද බණ්ඩාර 56/3, නිසල තාරක 54/3)

වරාය අධිකාරි පිල පළමු ඉනිම කඩුලූ 6 ට 356

(ශාන්ත කළවිටිගොඩ 88, තරිඳු මෙන්ඩිස් 54, මුතුමුදලිගේ පුෂ්පකුමාර නොදැවී 122, රනේෂ් පෙරේරා නොදැවී 26, සචිත් පතිරණ 94/2, උමේෂ් කරුණාරත්න 80/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 1 ට 18  

 



අදහස් (0)

තුන්වැනි සතියේත් පිතිකරුවෝ අණසක පතුරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site