මාතර හා කළුතර සිට කොටුව දක්වා ධාවනය වන සාගරිකා ඇතුළු කාර්යාල දුම්රිය දෙකක් අද(4) පෙරවරුවේ පරීක්ෂා කැර වීය.
තුන්වැනි පන්තියේ ටිකටිපත් වලින් දෙවැනි පන්තියේ මැදිරිවල ගමන් කිරීමේ වරදට කාර්යාල සේවක සේවිකාවෝ 84 දෙනකුගෙන් රුපියල් 228555 ක දඩයක් අය කැර ගැනීමට නියමිත අතර අද (4) දහවල් වන විට 34 දෙනකු දඩ වශයෙන් රුපියල් 90370 ක මුදලක් ගෙවුහ.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තුන්වැනි පන්තියේ වැඩක්
අනුර Thursday, 04 July 2013 07:33 PM
අයියෝ සේවිකාවොත් ඉන්නවනේ.(නදී)
චාන් Thursday, 04 July 2013 07:46 PM
නිතර නිතර මෙම පරික්ෂාව කල යුතුය. දුම්රියට හොද අමතර ආදායමක් , ගේට්ටු දාන්න පුළුවන් වේවි.(නදී)
චාන් Friday, 05 July 2013 10:19 AM
සාධාරණ විධිහට දුම්රිය වල මැදිරි වැඩි කළ යුතුයි. (ස)
දර්ශන Friday, 05 July 2013 10:34 AM
තුන් වෙනි පන්තියේ මැදිරි ප්‍රමාණවත් නැති නිසා තමයි මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ. අනේ පව් අහිංසක කාර්යාල සේවකයින් (නි)
ගුණරත්න Thursday, 04 July 2013 04:55 PM
දඩ ගෙවනවාට වඩා හොඳ නැද්ද නියමිත මුදල ගෙවලම යනවනම්. (ස)
කෝසල Thursday, 04 July 2013 05:07 PM
එක පාරටම කඩාගෙන පනින්නේ නැතුව කලින් දැනුම් දීලා ආවා නම් ඉවරයිනේ, එහෙනම් කට්ටිය නියමිත පන්තියේ යනවා.මීට පස්සේවත් මොලේ කල්පනා කරලා වැඩ කරන්න (නි)
පුබුදු Thursday, 04 July 2013 05:07 PM
රජයේ වැඩ කරන්න සේවකයන් නම් , විනය පරීක්ෂණයක් තියලා ජොබ් එකෙන් එල්ලවන්න ඕනෑ. (නි)
පෙරේරා Thursday, 04 July 2013 05:25 PM
මීට වැඩිය හොද නැද්ද තවත් තුන්වන පන්තියේ මැදිරියක් දුම්රියට එකතු කළා නම්? (නි)
නිසාන් Thursday, 04 July 2013 06:04 PM
මේක හොර වැඩක් දඩුවම් අනිවාර්යයි (දී)
දිල්හානි Thursday, 04 July 2013 06:41 PM
මෙවැනි වෙරදී වලට ගහන දඩ මුදල වහම තව 5උනයකින් වැඩි කරන්න . අපේ සහයෝගය දුම්රියට. (දී)
කිරි මාටින් Thursday, 04 July 2013 06:43 PM
තුනේ නෙවෙයි මේක දුම්රිය දෙපාර්තමේන්තුව කරපු දෙකේ පන්තියේ වැඩක්, පවු අසරණ රජයේ සේවකයෝ ටික (දී)
ඩෑන් Friday, 05 July 2013 08:41 AM
හරියට වෙලාවට නියමිත දුම්රිය නියමිත පෙට්ටි ගණනත් සමග එවලා ඕනෑ පරීක්ෂාවක් කළාට කමක් නැහැ. තුන්වැනි පන්තියේ ටිකටිපත් වලින් දෙවැනි පන්තියේ යන්නේ සනීප ගන්න නෙමෙයි. කොහොමහරි ගෙදර යන්න ඕනෑ නිසා. මිනිස්සු පාපුවරුවේ එල්ලිලා ගිහින් මැරෙන්නෙත් මේ නිසා... (නි)
කමල් Friday, 05 July 2013 08:46 AM
පරීක්ෂා කිරීමේ වරදක් නැත. හැබැයි මම දකින තවත් ප්‍රශ්ණයක් තියෙනවා මෙතන. මීට කලිනුත් නගරාන්තර දුම්රිය ධාවනය වුනා. (ඉන්දියන් බලවේග කට්ටල් ගෙන්වීමට පෙර ). නමුත් මේ වගේ 3 වන පන්තියේ අය 2 වන පන්තියේ ගමන් කලේ නැහැ. ඊට හේතුව දුම්රිය තුල 3 වන පන්තියෙහි පමණට ඉඩ කඩ තිබුනා. නමුත් දැනට ධාවනය වන ඉන්දියන් බලවේග කට්ටල් වල 3 වන පන්තියේ ඉඩකඩ මදි සියළුම දෙනාට ගමන් කිරීමට. එම නිසා ගාල්ලේ සිට හෝ මාතර සිට පැමිනෙන කාර්යාල දුම්රිය තුලට කළුතරින් හෝ පානදුරින් 3 වන පන්තියේ මගීන්ට 3 වන පන්තියේ මැදිරි තුල ගමන් කිරීමට තියා නැග ගැනීමටවත් නොහැකිය. වෙලාවට තම ආයතනයට යාම අවශ්‍ය නිසා කුමන හෝ මැදිරියකට ගොඩ වෙයි. නැතුව වංචාවෙන් 2 වන මැදිරි තුල යනවා කියන එක පිලිගන්න අමාරුයි. නමුත් එය වරදක් බව පිලිගත යුතුයි. මේ නිසා මගියාගේ පහසුවට අවශ්‍ය පියවර ගන්නවා නම් හොඳයි. (නි)