IMG-LOGO

තානාපතිවරුන් තවත් තිදෙනකුට මැතිසබේ අනුමැතිය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නව තනාපතිවරුන්  තිදෙනකුගේ පත්වීම් සඳහා  උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවූ  බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

ඒ අනුවලෙබනන් ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කපිල සුසන්ත ජයවීර මහතා පත් කිරීම සඳහාත්බහරේන් රාජධානියේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස එච්.එම්.ජී.ආර්.ආර්.කේ. විජේරත්න මෙන්ඩිස් මහත්මිය  පත්කිරීමටත් ඉතියෝපියානු ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සහ අප්‍රිකානු සංගමයේ මෙරට නිත්‍ය නියෝජිතවරයා ලෙස කේ.කේ.තෙෂාන්ත කුමාරසිරි මහතා පත් කිරීමටත්  උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය දුන් බවද  ඇය සඳහන් කළාය.

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05)  වැනිදා  පාර්ලිමේන්තුවේදී රැස්විය.

මෙම රැස්වීමට  අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන  අනුර ප්‍රියදර්ශන යාපා,  වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ  විජිත හේරත් යන මහත්ම මහත්මීන්  ඇතුළු පිරිසක්  සහභාගී වූහ.



අදහස් (1)

තානාපතිවරුන් තවත් තිදෙනකුට මැතිසබේ අනුමැතිය

Perera Wednesday, 11 January 2023 05:31 PM

මේ අය වෘත්තීය තානාපති සේවයේ අයද? නැතිනම් දේශපාලුවන්ගේ හෙංචයියලා, හෙංචක්කලාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 67 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site