ඓතිහාසික තන්තිරිමලේ රජ මහා විහාරයේ පොසොන් ආලෝක පූජාව 11 වැනි වරටත් පොසොන් දා සිට තුන් දිනක් පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇත.
ලංකාදීප පත්‍රය පළ කරන විජය පුවත්පත් සමාගමේ සේවකයෝ මේ දිනවල එමි මූලික කටයුතු සිදු කරගෙන යති.
සංඝමිත්තා මහ තෙරණිය ඉන්දියාවේ සිට උතුරේ දඹකොළ පටුනෙන් මල්වතු ඔය දිගේ අනුරාධපුරයට වැඩම කර වූ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව එක් රැයක් වඩා හිඳවූ තිවක්ක බමුණුගම අද තන්තිරිමලය නමින් ප්‍රකටය.
දෙවැනි පෑතිස්ස රජ සමයේ තන්තිරිමලේ ආර්ය ජනපදයක් වූ බව ඉතිහාසය කියයි.
විල්පත්තු වනෝද්‍යානයේ මෙම පුදබිම පිහිටියේය. අනුරාධපුරයේ සිට කිලෝමීටර 45ක් පමණ වයඹ දෙසින් වූ තන්තිරිමලයේ මෑත යුගයේ පුරෝගාමියා වූයේ වසර 54කට පමණ පෙර එය යළි සොයා ගත් කුඩා කොන්ගස්කඩ විමලඥාණ හිමියෝ ය.
ඒ හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකු වන තන්තිරිමලේ චන්දරතන තන්තිරිමලේ රජ මහා විහාරාධිපති හා උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක නා හිමියන්ගේ අවවදා අනුශාසනා පරිදි මේ පිංකම පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තන්තිරිමලේ ආලෝක පූජාව බ්‍රහස්පතින්දා
සමන් Sunday, 08 June 2014 02:44 PM
නමෝ බුද්ධාය (දී)
ප්‍රනීත් සංජය Monday, 09 June 2014 09:03 AM
තන්තිරිමලේ පුදබිමේදී මෙවන් පුණ්‍ය කර්මයක් කිරීමට කැපවෙන විජය පුවත්පත් සමාගමේ සේවක සැමට තෙරුවන් සරණයි! (නි)
ප්‍රියන්ක Monday, 09 June 2014 10:53 AM
සාධු! සාධු!! සාධු!!! මේ පුණ්‍යකර්මයට සම්බන්ධ වුණු සියලු දෙනාටම තෙරුවන් සරණයි ! (ස)