IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තෙන්ඩුල්කාර්ගේ ඉලක්කය 200 වැනි ටෙස්ට් තරගයද?

ටෙස්ට් සහ එක්දින ක‍්‍රිකට් පිටියේ වාර්තා රැසකට හිමිකම් කියන ඉන්දීය සුපිරි පිතිකරු සචින් තොන්ඩුල්කාර් අද (24 වැනිදා) සිය 40 වැනි උපන් දිනය සමරයි. 40 වැනි වියට පා තැබුවද ටෙස්ට් ක‍්‍රිකට් පිටියට සමුදීමට අදහසක් තවම නැති බව තෙන්ඩුල්කාර් පවසා තිබේ.

තෙන්ඩුල්කාර් මේ වන විට ටෙස්ට් තරග 198 කට සහභාගි වී සිටීම නිසා ටෙස්ට් තරග 200 කට සහභාගි වූ පළමු ක‍්‍රීඩකයා වීමේ බලාපොරොත්තුවෙන් පසු වන්නේ ද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ සැක පහළ කරති.

”මගේ වයස 39 පසුවෙලා, නමුත් සමුගැනීම පිළිබඳව හිතන්න ඒක හේතුවක් නොවෙයි. මගේ හිත කියන දුර මම යනවා. මගේ හිත කිනවා නම් මේක අවස්ථාව කියා, ඒ වෙලාවට මම සමුගන්නවා” යැයි තෙන්ඩුල්කාර් පවසයි.

දකුණු අප‍්‍රිකාවට එරෙහිව මේ වසර අගදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පොරතුව, කවුරුන් සමගම යන්න තවමත් නොදන්නා කණ්ඩායමක් සමග ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියක් ඉන්දියාවේදී පැවැත්වීම කෙරෙහිද ඉන්දීය කි‍්‍රකට් බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. ඒ සිය මවු බිමේදීම ටෙස්ට් පිටියෙන් සමුගැනීමේ අවස්ථාව තෙන්ඩුල්කාර්ට දීම සඳහාය.

තෙන්ඩුල්කාර් සිය වසර 24 කට අන්තර්ජාතික ක‍්‍රිකට් දිවියේදී ලෝකයේ ටෙස්ට් සහ එක්දින ලකුණු වැඩියෙන්ම ලබාගත් කී‍්‍රඩකයා වී සිටී.

දිල්ලියේදී මාධ්‍යවේදීන් ඇමතූ තෙන්ඩුල්කාර් පැවසුවේ 2005 සිටම තමන් ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීම පිළිබඳව ජනතාව කථා කරන නමුත් තමන් එය ප‍්‍රශ්නයක් කර නොගන්නා බවයි.

”ඔබේ රැකියාව ලිවීම, මගේ රැකියාව ක‍්‍රීඩා කිරීම. මම මගේ රැකියාව කරන්නම්.....! ඔබ ඔබේ රැකියාව කරන්න..!! යැයි තෙන්ඩුල්කාර් මාධ්‍යවේදීන්ට පවසා තිබේ.
ඉතාමත් ලාබාළ වියේදී ටෙස්ට් වරම් ලැබූ තෙන්ඩුල්කාර් 1989 දී පාකිස්තානයට එරෙහිව සිය පළමු ටෙස්ට් තරගයට සහභාගි වන විට යන්තම් 16 වැනි විය පසු කළා පමණ. එතැන් සිට වසර 24 ක අන්තර්ජාතික ක‍්‍රිකට් ගමනේදී තෙන්ඩුල්කාර් මේ වන විට ටෙස්ට් තරග 198 කදී (සාමාන්‍ය 53.86) ගනිමින් ලකුණු 15,837 ක් රැස්කර තිබේ.

තෙන්ඩුල්කාර් 2012 වසරේ මාර්තු මාසයේදී තමාගේ 100 වැනි අන්තර්ජාතික ශතකය වාර්තා කිරීමට ද සමත් විය. තෙන්ඩුල්කාර් මේ වන විට එක්දින සහ විස්සයි20 අන්තර්ජාතික පිටියෙන් සමුගෙන සිටියි. ටෙස්ට් ශතක 51 ක් රැස්කර ඇති තෙන්ඩුල්කාර් 2011 ජනවාරි මස දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලබාගත් ශතකයට පසුව මේ දක්වා ටෙස්ට් ශතකයක් ලබාගැනීමට අපොහොසත්වී තිබේ.

මෑත කාලයේදී පිතිකරුවකු ලෙසින් එතරම් සාර්ථක වී නැති නමුත් කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමේ අදහසක් තෙන්ඩුල්කාර්ට තවම නැත. එහෙත් ඔහුගේ සමකාලීනයන් වන රාහුල් ද්‍රාවිඞ් සහ  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටිං මේ වන විටත් ටෙස්ට් පිටියෙන් සමුගෙන සිටිති.

ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ ලකුණු 10,000 සම්පූර්ණ පළමු ක‍්‍රීඩකයා වන ඉන්දීය පිලේ හිටපු නායක සුනිල් ගවස්කාර් පසුගිය වසරේ පවසා තිබුනේ කි‍්‍රකට් පිටියේදී තෙන්ඩුල්කාර්ගේ ක්‍ෂණික කි‍්‍රයාකාරකම් ක‍්‍රමයෙන් අඩුවේගන යන බවයි.  

ඕස්ටේ‍්‍රලියානු හිටපු නායක ස්ටීව් වෝ පවසන්නේ තෙන්ඩුල්කාර් මේ වන විට ඔහුගේ හොඳ කාලය පසුකර ඇති බවයි.

”තෙන්ඩුල්කාර් මේ වන විට ඔහුගේ සුපුරුදු තත්ත්වයෙන් ක‍්‍රීඩා කරන්නනේ නෑ” යැයිද  ඕස්ටේ‍්‍රලියානු හිටපු නායක ස්ටීව් වෝ වැඩි දුරටත් පවසා තිබුණි.

පසුගිය දෙසැම්බර් මස එංගලන්තය ටෙස්ට් තරගාවලියේදී පරාජය කිරීමෙන් පසු ඉන්දීය පිලේ හිටපු නායක සව්රව් ගංගුලි පවසා සිටියේ තෙන්ඩුල්කාර්ට දිගින් දිගටම අවස්ථාව ලැබෙන්නේ ඔහු විසින් අතීතයේදී කරන ලද දේ නිසා නමුත් සමුගැනීම පිළිබඳව ඔහුම තීරණය කළ යුතු බවයි.

”ඒත් පිටින් සිට බලන කෙනෙකුට නම් පෙනෙන්නේ තෙන්ඩුල්කාර් නිසි දස්කම් දක්වන්නේ නැති බවයි” යයිද එංගලන්තයේ ඬේලි ටෙලිග‍්‍රාෆ් පුවත් පතට ගංගුලි පවසා තිබිණ.

ඉන්දීය හිටපු නායකයකු වන කපිල් දේව් පවසන්නේ තමන් තෙන්ඩුල්කාර් නම් දැන් ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා බවයි.

”තෙන්ඩුල්කාර්ට ශාරීරික යෝග්‍යතාවය සහ ක‍්‍රීඩාවට ඇති ආශාව කියන මේ දෙකම තිබෙනවා. ඒ නිසා ඔහුට  ඕනෑනම් තවත් දිගු කාලයක් කී‍්‍රඩා කළ හැකියි” යයිද කපිල් දේව් පවසා තිබිණ.

මීට මාස හයකට පෙර රූපවාහිනි සම්මුඛ සාකච්ඡවකට සහභාගි වෙමින් තෙන්ඩුල්කාර් පැවසුවේ තම සමුගැනීම ඉතාම ආසන්න ඇති නමුත් එම තීරණය ගැනීමට තරගාවලියෙන් තරගාවලියට ඉදිරියට යන බවයි.

ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ මේ දක්වා ක‍්‍රීඩකයන් 102 ක් වසය 40 න් පසුව ටෙස්ට් කි‍්‍රකට් ක‍්‍රීඩා කර ඇති අතර එංගලන්තයේ හිටපු ක‍්‍රීඩක විල්ෆ‍්‍රඞ් රෝඞ්ස් 1930 දී බටහිර ඉන්දීය පිලට එරෙහිව කී‍්‍රඩා කරන විට ඔහුගේ වයස 52 කි. වැඩිම වයසකදී ටෙස්ට් කි‍්‍රකට් ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයා ලෙස රෝඞ්ස් වාර්තා පොතට එකතු වී තිබේ.

සචින් තෙන්ඩුල්කාර්ට ගෞරව දැක්වීමක් ලෙස ඉන්දීය පාර්ලිමේන්තුව පසුගිය වසරේ උත්තර මන්ත‍්‍රි මණ්ඩලයේ අසුනකට ද තෙන්ඩුල්කාර්ව පත් කළේය.

කෙසේ වෙතත් ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව කුමක් කරාවිද යන්න පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමින් තෙන්ඩුල්කාර් පවසා සිටියේ තමන්ට ඒ ගැන සිතාගැනීමට වත් බැරි බවයි.

ප‍්‍රංශ පුවත් සේවය ඇසුරිනි
(සැකසුම : යොහාන් භාසුර)

 



අදහස් (0)

තෙන්ඩුල්කාර්ගේ ඉලක්කය 200 වැනි ටෙස්ට් තරගයද?

යොහාන් Wednesday, 24 April 2013 04:04 PM

අයි.පී.එල් කරන නාඩගම් දැක්කම මේවට ලියන්නේ මොනවද කියල හිතෙනවා.(නදී)

:       0       0

සමීර සාලින්ද Wednesday, 24 April 2013 04:27 PM

අපෝ මෙයා අපිට වැඩක් ඇති කෙනෙක් නෙවේ .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 812 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site