(ඉන්දිකා රාමනායක)
මුල්ලේරියාවේ තිදරු මවක ආයුධවලින් කපා ඝාතනය කර සිරුරේ කොටස් වෙන්කර හිස හා අත් පා නොමැති මළ සිරුර සියඹලාපේ වගුරු බිමකට දැමීමේ සිද්ධිය අදාලව පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ව්‍යාපාරිකයා හා ඔහුගේ මිතුරකු අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය පවසයි.
සැකකරුවන් අද පස්වරුවේ නීතිඥවරුන් සිව්දෙනකු මාර්ගයෙන් පැමිණ පොලිසියට බාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සියඹලාපේ මාහේන පාරේ පදිංචි (53) හැවිරිදි ව්‍යාපාරිකයකු සහ එම ප්‍රදේශයේ පදිංචි කපුවකු වශයෙන් කටයුතු කරන (48) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
ඝාතනය සිදු කිරීමට පෙර මෙම කාන්තාව කඩුවෙල සිට සියඹාලාපේ නිවස වෙත රැගෙන ආ ව්‍යාපාරිකයාගේ මෝටර් රථය නුවරරළිය සඳතැන්න ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක නවතා සඟවා තිබියදි පොලිසිය නුවරඑළිය මුලස්ථාන පොලිසිය සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් ඝාතනය ලක්ව ඇත්තේ මුල්ලේරිාවේ රෝහල් පාරේ පදිංචිව සිටි තඹවිට ගුරුගේ ප්‍රදීපා (52) නැමැති තිදරු මවකි.
මෙම සැකකරු ඔහුගේ මිතුරා සියඹලාපේ ඔහුට අයත් දෙමහල් නිවසක කාලයක සිට පදිංචිව සිටින බවත්, ඔවුන් දෙදෙනා එක්ව එම නිවස තුළ මෙම කාන්තාව ඝාතනය කර සිරුර කැබලි කර හිස සුන් මළ සිරුර කොට්ටුවත්ත වගුරු බිමට දමා ඇති බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිදරුමවගේ ඝාතනයට ව්‍යාපාරිකයකු සහ කපුවකු අත්අඩංගුවට