
(යොහාන් භාසුර)
ගොවීන්ට යළ කන්නයේ වී අළෙවි කිරීමේදී තෙත වී අළෙවි කිරීම අවස්ථාව දෙමින් තෙත් වීවලට අවම මිලක් නියම කළ බවත් ඒ අනුව තෙත නාඩු වී කිලෝවක් රුපියල් 102 කට, තෙත සම්බා වී කිලෝවක් රුපියල් 105 කට සහ තෙත කීරි සම්බා වී කිලෝවක් රුපියල් 112 කට මිලදීගත හැකි බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (30) පැවසීය.
වී මෝල්හිමියන් සමඟ බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යංශයේදී අද (30) පැවැති සාකච්ඡාවකින් පසුව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා එසේ පැවසීය.
තෙත වී වී අළෙවි කරන විට මෙම අවම මිලට වඩා අඩු මිලට වී අළෙවි නොකරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවත් එම මිලට වඩා වැඩි මිලකට ඕනෑම කෙනෙකුට වී මිලදීගත හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
යළ කන්නයේ ගොයම් කැපීම තැනින් තැන ආරම්භ වෙමින් ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යංශය වියළි වී මිල 120, 125 සහ 132 ආදි වශයෙන් පිළිවෙළින් නාඩු, සම්බා සහ කීරි සම්බා වීවලට නියම කර ඇති බවත් කරුණාරත්න මහතා පැවසීය.
නාඩු වී කිලෝවක් රුපියල් 120 කට මිලදී ගත් පසු නාඩු සහල් කිලෝවක් රුපියල් 230 කට අළෙවි කළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තෙත වීවලට අවම මිලක්