
(සුමිත් ප්‍රේමතිලක)
නීති විරෝධිව මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ඔක්සි මීටර් 3400 ක් සහ එය ප්‍රවාහනය සදහා යොදා ගත් බව කියන වෑන් රථ දෙකක් මෝටර් රථයක් සමග සැකකරුවන් තිදෙනකු අද අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටහේන සහ දෙහිවල ප්‍රදේශවල පදිංචි 29,26 සහ 37 වියේ පසුවන්නන් බව පොලිසිය සඳහන් කරයි.
බුද්ධි තොරතුරක් මත වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය නිලධාරීන්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සමග කොළඹ, කොටහේන ප්‍රදේශයේදී වැටලීම කර තිබේ .
රුපියල් 3000 ක පමණ වටිනාකමකින් යුත් ඔක්සිමීටර් රුපියල් 1000 ක් වැනි මුදලකට අලෙවි කරන බවට අන්තර්ජාලයේ දැන්වීම් පළකර මෙම ජාවාරම කර ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි එම ඒකකය කියයි.
සෞඛ්‍ය උපකරණ මෙරටට ආනයනය කිරීම සඳහා සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙතින් බලපත්‍රයක් ලබා ගත යුතුව ඇතත්, එය ඉදිරිපත් කිරීමට සැකකරුවන් අසමත්ව ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
292
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
392
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තත්ත්වයෙන් බාල ඔක්සි මීටර් 3400ක් සමග තුනක් මාට්ටු
Aruna Thursday, 10 June 2021 10:28 PM
ගණන් අඩුයි කියන්නේ බාලයි කියන එකද?