IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තොණ්ඩාට ඇමැතිකමක් ?

ලංකා කම්කරු කොංග්‍රසයේ  නායක ආරුමුගම් තොණ්ඩමන්  මහතාට  වත්මන්  ආණ්ඩුවේ  ඇමැති  ධුරයක්  ලැබෙනු ඇති  බව එම පක්ෂයේ  අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මහ මැතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසය එක්සත් ජනතා  නිදහස්  සන්ධානයෙන්  තරග කොට  පාර්ලිමේන්තු ආසන දෙකක්  දිනාගත්  අතර  ඉදිරියේදී  ජනාධිපතිවරයා  හා  ජාතික ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරිමට ලංකා  කම්කරු කොංග්‍රසය තීරණය  කර ඇත‍. 



අදහස් (0)

තොණ්ඩාට ඇමැතිකමක් ?

තිලකසිරි Thursday, 20 August 2015 03:17 PM

මෙයා කරපු වැඩ කිඩ අපි දැක්ක නේ. අහිංසක දෙමළ මිනිස්සුන්ට කින්ඩිය දාගෙන රජා වගේ හිටියේ. මෙයාගෙ වාහනේ හප්පල අහිංසක මිනිස්සු ගානක් මැරුවා. මාධ්‍යවේදීන්ගෙ බෙල්ලෙන් අල්ලල තල්ලු කළේ මැතිවරණ වේදිකාවෙදිම. ඇයි මේ ජන වරමෙන් ප්‍රතික්ශේප වෙච්ච හිවල්ලුන්ව යහපාලනේට ගන්න හදන්නේ? මතක තියාගන්න මහත්වරුණි මේ පාර මැතිවරණයෙන් මිනිස්සු පුළුවන් උපරිමෙන් හොඳ කණ්ඩායමක් තේරුවා. කිරි කලයට ගොම දාගන්නේ නැති වුනොත් හොඳයි. (බ)

:       0       0

සුනිල් Thursday, 20 August 2015 03:34 PM

මොහු ගන්න එපා. යුන්පි එකට අපි ඡන්ද දුන්නේ මොහු ගන්න නෙමෙයි. (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 20 August 2015 08:44 AM

ජාතික රජයකට සුළු ජාතියක් වශයෙන් ඇතුල් කර ගැනීම වැදගත්. පෙර වැරදි බලන්න. (ම)

:       0       0

අකලංක Thursday, 20 August 2015 04:20 PM

මට නම් මේ තීරණයේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

සේපාල Thursday, 20 August 2015 04:44 PM

අපි විරුද්ධයි එයා එනවට. අපිට දිගම්බරම් හොඳයි (නි)

:       0       0

සුසන්ත Thursday, 20 August 2015 09:39 AM

යහ පාලනය අවසන් මෙයා ආවම (ම)

:       0       0

ආසිරි Thursday, 20 August 2015 09:41 AM

හරිම අවස්ථා වාදියෝ ගන්න එපා (ම)

:       0       0

සේන Thursday, 20 August 2015 09:44 AM

මේ විදිහටම ටී එන් ඒ කණ්ඩායමත් රජයට එකතු කරගත යුතුයි එතකොට එයාලාට සිද්ධ වෙනවා රජයට බොරුවට බනිනේ නැතුව වැඩකරන්න. (ම)

:       0       0

අර්ජුන රණවන Thursday, 20 August 2015 10:21 AM

සුලු පක්ෂ වලට තැන දීම හොඳයි. මොහු නොමැතිව (නදී)

:       0       0

සුරන්ජිත් ලාල් Thursday, 20 August 2015 10:36 AM

මෙයාව නම් ගාව ගන්න එපා. මෙයා තමයි 2002 බොරැල්ල පොලිසියේ පුටුවේ වැඩිවෙලා රනිල් මහත්තයා ගෙදර යවන්න එයාට පුළුවන් කියල බැන්නේ. (නදී)

:       0       0

දීපාල් Thursday, 20 August 2015 10:41 AM

ඔය කොච්චර කාලයකටද කියල කාටවත් විස්වාස නැහැ. බැලුවම අපේ රටේ දේසපාලනය කරන්නෙම පුදුම අවස්ථාවාදී කටුස්සෝ, ගෙම්බෝ ගොඩක්. (නදී)

:       0       0

ගාමිණී Thursday, 20 August 2015 10:56 AM

මහින්දත් කැබිනට එකට ගනිමු. විමල්, ගම්මන්පොල, බන්දුල,ජනක ඒකනායක ජොනි නම් එපා.(නදී)

:       0       0

නිමල් රාජපක්ෂ Thursday, 20 August 2015 08:54 PM

යහපාල,දැන්වත් ඔය ජාතිවාදී හැඟීම් නවත්වන්න. මෙතුමා වතුකරයේ ජනතාව නියෝජනය කරන්නේ. ඔය කියන අය මොනවාද වතුකරයට කරලා තියෙන්නේ? (නි)

:       0       0

මනිරාජ් Thursday, 20 August 2015 11:07 AM

ආරුමුගන් තොන්ඩමන් මහතාට කඳුකරය ගැන සිතා වැඩ කළොත් හොඳයි . ඉඩමක් වතු කම්කරුවන්ට ලැබිලද ? දිගම්බරම් මහතාට ඉඩමක් දෙන්න පුලුවන්ද ? කොස්ලන්ද මීරියබැද්ද ගෙවල් දුන්නද (බ)

:       0       0

චන්න බුවනක Friday, 21 August 2015 11:53 AM

තොණ්ඩා නැතුවම බැරිද? (නි)

:       0       0

ද සිල්වා Thursday, 20 August 2015 12:15 PM

එස් . බි දුමින්ද ජාතික ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට පත් කරගමු එතකොට කණ්ඩායම සම්පුර්ණයි. (නදී)

:       0       0

ද සිල්වා Thursday, 20 August 2015 12:18 PM

මොන ආණ්ඩුව ආවත් මේ ගොල්ල හැමදාම ආණ්ඩු පක්ෂේ මේ ගොල්ලට ඡන්දෙ දෙන දෙමල මිනිස්සු හැමදාම දුප්පත්. යාපනයේ දෙමල මිනිස්ස්සු ආණ්ඩුවට ගත්තත් මෙවැනි කුනු බාල්දී නොගත යුතුය (නදී)

:       0       0

කැනඩා - දිසා Friday, 21 August 2015 01:08 AM

මම නම් කියන්නේ ගන්න එපා කියලයි (නි)

:       0       0

යහාපල Thursday, 20 August 2015 12:22 PM

තොන්ඩ නැතිව ආණ්ඩුව කරන්න බැරිද? මොකක්ද මේ කරන්න යන්නේ?තොන්ඩ කොහෙද මෙච්චර කල් හිටියේ? එතකොට වැඩිපුරම මනාප ගත් දිගම්බරම්ට මොකද වෙන්නේ? තොන්ඩගේ කාලේ ඉවරයි. ගන්න එපා පැත්ත පලාතට.(අ)

:       0       0

නිමල්ලලිත Friday, 21 August 2015 01:47 AM

මහත්මා ගති ඇති විපක්ෂයක් ඇතිකර,රජය කරනු ලබන හොඳ වැඩවලට සහය දෙමින්, නියමිත කාලය ඔවුන්ට රජය කරගෙන යාමට ඉඩදීමේ පිළිවෙතක් අනුගමනය කිරීමට/කරවීමට ඔය උපදේශකතුමන්ලාට පින්සිත් පහළ වන්නේ නැද්ද ? දැනටත් සියයට සියයක් නොව සියයට හැත්තෑ පහක් හෝ පිරිසිදු නැති අයත් පාර්ලිමේන්තුවට පත්වී ඇත. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 20 August 2015 12:38 PM

මම ගැන නෙමෙයි අපි ගැන හිතලා වැඩක් කරන්න රටට අවස්තාවාදියෝ නොවී.(නදී)

:       0       0

සුසන්ත Thursday, 20 August 2015 12:51 PM

මිලකෝ එකට දෙවියන්ගේම පිහිට තමයි (නදී)

:       0       0

රෝහණ Friday, 21 August 2015 03:14 AM

මම නම් කියන්නේ දිගම්බරම් මහතාට දීම සුදුසුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site