IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තොටිල්ල පදවන අත අලිත් බලයි

අලියෙකු සමග ජීවත් වෙමින් දරුවකුගේ අඩුව පිරිමහ ගන්නා ලංකාවේ ප්‍රථම කාන්තා ඇත් ගොවුවා වන ඤාණවතී ලංකාදීපයට හමුවුයේ ඓතිහාසික ලංකාතිලක රජ මහා විහාරයේ සහ ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසල පෙරහර මංගල්‍යයේදීය.

වයස 70 කට ආසන්න වයසැති (ගුණේ) නම් සුරතල් නාමයෙන් හඳුන්වන අලියා මේ කාන්තාව නැතිනම් පෙරහරේ ගමන් කිරීමට පැකිලෙන බව ඔවුහු කියති. ඒ නිසා සැම පෙරහැරකටම අලියා ළඟින් ගමන් කිරිම ඤාණවතීගේ පුරුද්දක් වී ඇති බව අලියා බලා ගන්නා සරත් ගාමිණී මහතා පවසයි.

දොම්පෙ මාපිටිගම පදිංචි සරත් ගාමිණී රාජපක්ෂ (62) මහතා තමා දොම්පෙ උඩුමිරිස්සෙ රොමියෙල් නම් ඇත් ගොවුවා සමග එකතු වී අලි බලා ගනිමින් සිටියදී ඤාණවතී සමග විවාහ වූ බව කීවේය.

පී. ඤාණවති (60) මහත්මිය මෙසේ පැවසුවාය. ‘අලිය මුලින්ම දරුණුයි කිවුවම මම ටිකක් බය වුණා.  නමුත් මම අලියට ආදරෙන් කතා කළා මගෙ මහත්තය මුලින්ම මට උදවු කළා. මම එයාට අලි භාෂාවෙන් කතා කළේ නෑ. මගෙ පැටියො වගේ ආදරෙන් කතා කළේ. අපි දෙන්නට දරුවන් නෑ. අපි දරුවකුට වගේ එයාට ආදරේ කළා. අපි ළඟ දැන් අලියා වසර 9 ක් වෙනවා. දැන් එයාට මම නැතුව කොහෙවත් යන්න බෑ වගේ. ගියත් කම්මැලි කමින් තමා යන්නෙ. අඹතලේ ගොඩමුණේ මහතාගේ මේ අලියා දැන් වයසයි. අපි මේ අලියගෙන් ලැබෙන දෙයකින් තමා ජීවත් වෙන්නෙ. අපිට වෙන ජීවත් වෙන්න ක්‍රමයක් නෑ. ඒ නිසා රජයෙන් තව අලි පැටියෙක් අපට ලබා දෙන්නැයි ඉල්ලනවා‘

vlcsnap-2015-10-04-13h33m13s248 vlcsnap-2015-10-04-13h33m53s134 vlcsnap-2015-10-04-13h34m14s89 vlcsnap-2015-10-04-13h35m18s220 vlcsnap-2015-10-04-13h51m48s123 vlcsnap-2015-10-04-13h53m10s174

 



අදහස් (0)

තොටිල්ල පදවන අත අලිත් බලයි

ස්වර්ණ Monday, 05 October 2015 12:57 PM

ඔබට දෙවි පිහිටයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site