IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තාජුඩීන්ගේ ජාන පරීක්ෂණ අවසන් නෑ

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුරෙන් ලබාගත් කොටස් පිළිබඳ ඩී.එන්.ඒ ජාන පරීක්ෂණ වාර්තාව ඩී.එන්.ඒ පරීක්ෂණය අවසන් කළ පසු ඉදිරිපත් කරන බව ජින්ටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රුවන් ජේ.ඉලේපෙරුම මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ අද ප්‍රකාශ කළේය.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර අජිත් තෙන්නකෝන් එම කොටස් එවූ බව කීවේය.

දෙවැනි පරීක්ෂණය සඳහා සිරුර ගොඩගැනීමෙන් පසුව ඉළ ඇට දෙකක් හා දතක් ඉදිරිපත් කළ බව ඔහු පැවසීය. පළමුවැනි පශ්චාත් මරණ පරීක්ෂණයේදී ලබාගත් මාංශ පේෂී සමග ඇට කැබැල්ලක් ඉල ඇට දෙකක් හා පටකයක් සහිත උඩු ඇන්දේ දතක්ද පරීක්ෂණයට එවා තිබූ බව ඔහු කීවේය.

තාජුඩීන්ගේ මව වන ෆාතිමා ෆාරිසා තාජුඩීන් මහත්මියගෙන් පසුගිය 14 වැනිදා ලේ සාම්පලයක් ලබාගත් බව ඉලේපෙරුම මහතා කීවේය. කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර හා වත්මන් අධිකරණ නිලධාරී දොස්තර අජිත් තෙන්නකෝන් පරීක්ෂණ පැවැත්වූහ.

 



අදහස් (0)

තාජුඩීන්ගේ ජාන පරීක්ෂණ අවසන් නෑ

ආනන්ද සෙනරත් Monday, 21 September 2015 12:09 PM

පුවක් කඩනවාද තාම (බ)

:       0       0

දුමින්ද Tuesday, 22 September 2015 01:50 AM

මාර්තුවල පුංචි ඡන්දේ කිට්ටුවෙලා එහෙම නැවත ගොඩගන්න එපා හො‍ඳේ (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 21 September 2015 12:15 PM

පළමුවෙනි පරික්ෂනයෙන් ලබාගත් කොටස් වලනම් විශ්වාසනියත්වය ගැන සැක සංකා තියෙනවා නේද ? (බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 September 2015 04:23 AM

ඉක්මන් කලොත් නරකද මේ කටයුතු. (ම)

:       0       0

ඉමේෂ් Tuesday, 22 September 2015 05:12 AM

කව්රුහරි අසරණයෙක් හිරේ යයි ඕකට ඉතින්.(ම)

:       0       0

විජේසුන්දර Monday, 21 September 2015 04:17 PM

තව කොච්චර කල් අපිට බලාඉන්න වෙයිද? (නි)

:       0       0

වසන්ජය Monday, 21 September 2015 08:59 PM

අපේක්ෂිත සැකකරු නිදොස් වී නිදහස් නොවේවා! (නි)

:       0       0

වසන්ත Monday, 21 September 2015 10:55 PM

මොකද මෙච්චර ප්‍රමාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site