IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තංගල්ල ඝාතනයේ සාක්කි සම්පිණ්ඩන දෙසුම් ඇරැඹේ

කුරාම් ෂේක් ඝාතනයේ නීති විරෝධී රංචු ගැසීමේ චෝදනාව විත්තිකරුවන් හය දෙනාට එරෙහිව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ තුසිත් මුදලිගේ මහතා කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය හමුවේ පැවසීය.

පැමිණිල්ලේ සාක්කි සම්පිණ්ඩන දේශනය අරඹමින්  ඔහු කීවේ නේචර් රිසෝට් හෝටලයේ දිල්රුක්ෂි කුරාම්ගේල  පෙම්වතිය වික්ටෝරියා සහ එදා රෑ එහි සිටි දේශීය අමුත්තන්ගේ සාක්කි අනුව 1-4 විත්තිකරුවන් මේ අපරාධයට හවුල් බවයි.

‘ඔවුන් කුරාම්ට හා වික්ටෝරියාට පහර දෙනු සාක්කිකරුවන් දැක ඇත. පළමු වැනි සැකකාර ලහිරු කැළුම් පහර දුන් බව වික්ටෝරියා කීවා. පිහිනුම් තටාකය අසළ දී සෙසු අය ආධාර සහ අනුබල දී තිබෙනවා. තංගල්ල හිටපු ප්‍රාදේශීය සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ගිනි පෙලෙල්ලකින් පහර දුන් බව ඇය කීවා. රථගාලට පැමිණි හිටපු සභාපති එහි තිබූ ත්‍රිරෝද රියකට අලාභ හානි කළ බවටත් සාක්කි තිබෙනවා. විත්තිකරුවන් සාමූහිකව නීති විරෝධී රංචු ගැසීමක යෙදී සිටි බව පැමිණිල්ලෙන් ඔප්පු කර තිබෙනවා. දෙවැනි විත්තිකාර සමන් දේශප්‍රිය මේ අපරාධයට හවුල් වූ බව රයන් අකලංකගේ සාක්කියෙන් ඔප්පු වෙනවා.

රයන් පැමිණිල්ලට අහිතකර සාක්කිකරුවකු වුවත් ඔහු දෙවැනි විත්තිකරු හඳුනා ගත්තා. රයන්ගේ සාක්කිය පිළිගන්නවා ද නැද්ද යන්න අධිකරණය සතු කාරණයක්. මේ ඝාතනය කළින් සැලසුම් කළ එකක් නෙවෙයි. අනෙක් අතට කම්පනයට පත් වූ සාක්කිකරුවන්ගෙන් හැම වැදගත් කාරණයක්ම අඩුපාඩුවක් නැතිව විස්තර කරතියි හිතන්න බෑ.

වැඩිදුර දේශන බදාදා (09) කල් තැබිණි.

2011 දෙසැම්බර 21 වැනි දා බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණයට ලක් කළැයි ළහිරු කැළුම්ල සමන් දේශප්‍රිය, තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, ප්‍රනීත් චතුරංග එම් සරත් නොහොත් සහන් හා එම් චතුරංග චෝදනා 17ක් යටතේ මේ නඩුවට මුහුණ දෙති.



අදහස් (0)

තංගල්ල ඝාතනයේ සාක්කි සම්පිණ්ඩන දෙසුම් ඇරැඹේ

ගයාන් Wednesday, 09 July 2014 06:40 AM

මේක මුළු ලෝකයම බලාගෙන ඉන්න නඩුවක්. කිසිම හේතුවක් නිසාවත් මේ නඩුවට අසාධාරනයක් කරන්න එපා. මොකද මේ වගේ දේවල් අපේ වෙනකොට අවනම්බු වෙන්නේ අපේ රටට. මේ දේශපාලනයට එන උන් හිතාගෙන ඉන්නේ ඕනෙම බලු වැඩක් කරලා නිදහස් වෙන්න පුළුවන් කියල. දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න ඕනේ. අනේ කරුණාකරලා චන්දයක් තියල හරි අපේ රටට මරණ දඬුවම ගේන්න ඕනේ. (ස)

:       0       0

අමිල සිංග Wednesday, 09 July 2014 06:44 AM

රටට නීතියට ලැජ්ජා නොවෙන තීන්දුවක් ලබාදෙන්න. (ස)

:       0       0

රූපවතී Tuesday, 08 July 2014 06:52 PM

ගරුතර උසාවියේ ගරුත්වය රැකෙන්නේ මේ අයට දෙන තීන්දුව අනුවයි. සර්ව බල නීතියට ගරු කරන මිනිසුන් කොටසක් තාමත් අප දේශයේ ඉන්නවා. ඔවුන් මේ වෙන සියල්ල දෙස නිහඩව බලා සිට, හදවතින් තීන්දු දෙනවා. මොන තීන්දුව කලත් ඒවාට ස්වභාව ධර්මය දඩුවම් දෙනවා. සත්‍යයි. (නදී)

:       0       0

එරංග Wednesday, 09 July 2014 07:50 AM

අපි බලාගෙන ඉමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

රෝහණ Tuesday, 08 July 2014 12:41 PM

මිනිස්සු කරන කියන දේවල් දැක්කාම අනේ කියවෙනවා (දී)

:       0       0

බමුණු Tuesday, 08 July 2014 01:08 PM

මිනීමරා බේරී යන්න ඉඩතියන්න එපා. විස්සයෙන් දෙසපලුවෙකුට (දී)

:       0       0

සෝමා Tuesday, 08 July 2014 01:13 PM

මෙය කට්ටියවනම් අඩුම තරමෙය් වසර 25කත වත් හිරෙය්ට යවන්න ඕනේ අනිත් අයට හැදෙන්නත් එක්ක (දී)

:       0       0

නිමල් Wednesday, 09 July 2014 04:32 AM

මම රැකියාව කරන්නේ පිටරට. මුළු ලෝකයම මෙම නඩුව දෙස බලා ඉන්නවා (නි)

:       0       0

කමල් Tuesday, 08 July 2014 03:19 PM

රටේ නම කැත කල සිදුවීමක්, තීන්දුව කුමක් වුවත් මෙය ජ්‍යත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ අපට අපහාස වන විදිහට තමයි. නීතියට බය නැති සදාචාරයක් නොමැති අය ගැන වගකිව යුතු ඔබාමාද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site