IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තංගල්ලේ කට්ටිය ඇපෑල් ගනිති

තංගල්ල නේචර් රිසෝට් හෝටලයේ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනයේ වැරදිකරු වී විසි වසරක් සිර ගෙට නියම  තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු සිව් දෙනා   අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළහ.

ඕ ඒ ලහිරු කැලුම් , යු සමන් දේශප්‍රිය සහ ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග ඔවුහුය.

තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී   2011 නත්තල් දිනයේදී කුරාම් ෂෙයික් නම් බ්‍රිතාන්‍ය රතුකුරුස සේවකයා මරා ඔහුගේ පෙම්වතිය වූ රුසියා ජාතික වික්ටෝරියා සමූහ දූෂණයට ලක් කළැයි මාස තුනක පමණ කාලයක් කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ විභාග වූ නඩුවෙන් ඔවුහු වැරදිකරුවෝ වූහ.

දඬුවම් ඉවත් කර තමන් නිදහස් කරන්නැයි ඔවුහු ඉල්ලති.



අදහස් (0)

තංගල්ලේ කට්ටිය ඇපෑල් ගනිති

සුදත් ශ්‍රී Thursday, 31 July 2014 02:31 PM

රෝයල් පාක් මිනී මරුවාට වුණ වගේ, මේ රැලටත් මරණ දඬුවම් හිමි වේවායි, එක සිතින් ප්‍රාර්ථනා කරමි.(අ)

:       0       0

දිමුතු Thursday, 31 July 2014 02:59 PM

මේ තිරිසනුන් තවත් මොනවද බලාපොර්තුවෙන්නේ, ෙ බෙල්ල ඇතුළු සියලුමකොටස් ප්‍රසිද්දියේ කැපිය යුතුයි රටේම නම දැලි ගෑවා. (අ)

:       0       0

සමෙ‍චි Friday, 01 August 2014 09:28 AM

මොවුන් කවදාවත් එළියට එන්න හොද නැහැ. දස වද දිදී හිරේම තියන්න ඹ්නි. (නදී)

:       0       0

චානක. Thursday, 31 July 2014 03:36 PM

හැංගීමට කුණු කානු හරි තිබුනා ....මොවුන්ට එහෙම දෙයක් හරි හොයාගන්න බැරි වෙනවා. (අ)

:       0       0

හිරාන් Saturday, 02 August 2014 06:51 PM

තව ඇපලුත් ඉල්ලනවා දෙන්න ඕන ඇපැල් නෙමෙයි අත්තන ඇට (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 31 July 2014 07:06 PM

කරුණාකර මොහුට රෝයල් පාර්ක් නඩුවේදී කලා වගේ මරණ දඬුවම නියම කරන්න. රෝයල් පාර්ක් නඩුවේදී ඉවෝන් ජෝන්සෝන් මරා දැම්මේ ප්‍රේම සම්බන්ධයක් පලහිලවුවක් මත ඇතිවූ හදිසි කෝපය මතය. මොවුන් කුරාම් ෂේක් මරා දැම්මේ ඔහුගේ පෙම්වතිය දුෂණය කිරීමටය. මොවුන් රටේම නම කෑවා කරුණාකර මොහුට අඩුම තරමෙන් ජීවිතාන්තය දක්වා දඩුවම් නියම කරන්න. (නදී)

:       0       0

සරත් Thursday, 31 July 2014 08:09 PM

අැපෑල නිරීක්ෂණය කරලා දැන්වත් බැරිද මේ ගොල්ලන්ට මරණ දඩුවම නියම කරන්න. සැබෑ ශ්‍රී ලංකිකයන්ගේ පැතුම එයයි. (නදී)

:       0       0

චමින්ද Thursday, 31 July 2014 08:10 PM

සමහර රටවල පහල උසාවියෙන් දුන් දඩුවමකට, වැරදිකරුවන් ඉහල උසාවියකට ඇපෑලක් ඉදිරිපත් කරන්නේ නැහැ. එයට හේතුව,බොහෝ විට ඉහල උසාවියේ තීන්දුව,පහල උසාවියේ තීන්දුව මෙන්, දෙගුණයක් වෙන නිසා. ඒකට හොද උදාහරණයට ගත හැකි රටක් තමයි ඉන්දුනීසියාව. (නදී)

:       0       0

ලකී දොඩන්ගොඩ Thursday, 31 July 2014 08:49 PM

රෝයල් පාර්ක් සිද්ධියට වඩා මෙය වෙනස් . (අ)

:       0       0

ප්‍රසාන් Thursday, 31 July 2014 10:46 PM

ඇපැල් ගන්න ඕනි නෑ මහත්තයෝ, ඔබ තුමා සමාව ලැබිල නිකම්ම නිදහස් වෙයි. මේක සිරි ලංකාවනේ (නදී)

:       0       0

චමින්ද Sunday, 03 August 2014 02:57 AM

ඉන්දුනීසියාව වගේ රටවල් වල පහල උසාවියකින් දීපු තීන්දුවකට,අපරාධකාරයෝ ඉහල උසාවියකට ඇපෑලක් ඉදිරිපත් කරනවා බොහොම අඩුයි. මොකද හේතුව බොහෝ විට ඉහල උසාවියේදී දඩුවම ඩබල් වෙනවා. එරටට කුඩු ගෙනල්ලා අහුවුන නම දෙනකුට පහල උසාවියෙන් ජීවිතාන්තය දක්වා දඩුවම් නියම වුනා. එක්කෙනෙක් ඇර අනිත් අය ඇපිල් කරා. ඉහල උසාවියෙන් ඇපිල් කරපු අයට මරණ දඩුවම නියම වුනා. ලංකාවටත් එම ක්‍රමයම ගෙන ආ යුතු බව මගේ අදහසයි.(නදී)

:       0       0

නැනී Friday, 01 August 2014 02:53 AM

අපි ඕව කිව්වා. තව ටික දවසකින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට. තරුණයන්ගේ ඔළුවට පරාල ඇන ගහපු අය අදත් ඔය ඉන්නේ (නදී)

:       0       0

ඇසළ Friday, 01 August 2014 03:21 AM

සත්ගුණවත් දහම්පාසල් ගුරුවරුන් , හතර පෝයට සිල් ගන්න කුහුඹුවෙකුටත් වරදක් නොකරන රට ජාතිය වෙනුවෙන් විතරක් ස්ත්‍රී දුෂණය කරන මිනි මරණ අහිංසක පලා බබෙක් සහ කටු කන්නෝ ටිකක් නිසා රටේ ජනතාව බලා පොරෝත්තුවෙන්නේ අභියාචනාධිකරණය මිලේනියම් සිටි නඩුව වගේ මේ පාහරයන්ට මරණ දඩුවම නඩුව අදින්නේ නැතුව ඉක්මනින්ම ලබාදෙයි කියලයි.(නදී)

:       0       0

අභය Friday, 01 August 2014 03:51 AM

ලංකාවේ කොල්ලෙක් පීසා ගෙනියනකොට මරපු මිනීමරුවන්ට ඉක්මනින්ම මරණ දඩුවම දුන්නා එංගලන්ත අධිකරණය. මේ වගේ අමානුෂික මිනි මැරුම් කරපු අයට ට මොන ඇපෙල් ද දෙන්න ඕනි මරණ දඩුවම තමයි (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Friday, 01 August 2014 04:03 AM

එංගලන්තයේ ජනතාව හා ලංකාවේ ජනතාවගේ බලාපොරොත්තුව, මෙතුමාට ජනාධිපති සමාවක් ලැබී නැවත සභාපති පුටුවේ වාඩි වීමයි. එතෙක් අපි බලා සිටිමු. ඒ අතර මේ අහිංසක සභාපති තුමාට විරුද්ධව සිටි සියලුම ජනමාද්‍ය වේදීන් හට මරණීය දණ්ඩනය පනවන මෙන් දෙපා නැමැද ඉල්ලා සිටිමි (නදී)

:       0       0

මාලක සිල්වා Friday, 01 August 2014 04:16 AM

මිනි මැරුවම මරණ දඬුවම .මේකට විතරක් වසර 20 ඇයි.(දී)

:       0       0

තබිත Friday, 01 August 2014 04:24 AM

ඇයි මේ මිනීමරුවන්ට මේ තරමට සැලකිලි කියන එක ප්‍රශ්නයක් ! (දී)

:       0       0

එම්. කේ. තිලිනක Friday, 01 August 2014 05:16 AM

කොහොම කළත් වැරැද්දක් නම දඩුවම් විඳිය යුතුයි (නි)

:       0       0

කුමාර Friday, 01 August 2014 05:55 AM

මොවුන්ව ආයුධ පෙන්වන්න තවම එක්කගෙන ගියේ නැද්ද? (නි)

:       0       0

සෙනරත් Thursday, 31 July 2014 11:29 AM

මෙයාට නඩුකරතුමිය කියපුව මතක නැත්තෙ මෙයා හරිම අහිංසකයෙක් වෙන්න ඇති. පවු අනේ මෙයාට දෙයියොම බලන්න ඕනේ. අපරාදේ මෙයාට වෙච්ච අවනබ්බුව (අ)

:       0       0

හේවාවිතාරණ Thursday, 31 July 2014 11:43 AM

මම හිතුවා (අ)

:       0       0

චමිල Thursday, 31 July 2014 12:25 PM

මෙපමණ ලොකු අපරාධ 2ක් කරලත් අැපෑලකට අවසර දෙන්නේ කෙසේද ?මේකනම් එයාලටම ගිය රටක් අපේ රටේ කොතනත් අසාධාරනයට තැන වැඩි වෙලා. (අ)

:       0       0

උපුල් හෙළ කුමාර Friday, 01 August 2014 06:59 AM

විනිසුරුතුමිය දුන් දඩුවම ස්ථිර වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි (නදී)

:       0       0

වසන්ති Thursday, 31 July 2014 01:34 PM

අපි බලමු ලෝකයේ දෙවියන් ඉන්න්නවාද කියා. (අ)

:       0       0

නෙහාර Thursday, 31 July 2014 01:58 PM

මේකට පිළිතුරු ලෙස මෙයාලට දෙන්න ඕනේ මරණ දඩුවම,අර මීට කලින් එක්කෙනෙකුට දුන්න වගේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 355 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site