IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


තාක්ෂණ සිසුවාට ගැසීයැයි වාස් පවුලටම නඩු

මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුවකු වූ නිපුණ රාමනායක 2009 අගෝස්තු මාසයේ දී පැහැරගෙන ගොස් පහර දුන්නේයැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන, බිරිය ශ්‍යාමලී ගුණවර්ධන සහ පොලිස් නිලධාරීන් පස් දෙනකුට අද කොළඹ මහාධිකරණයේ දී අධිචෝදනා බාර දුන්නේය.

වාස් ගුණවර්ධන සහ රවිඳු දැනට බන්ධනාගාර ගතව ඇති බැවින් ඔවුන්ට ඇප හිමි නොවූ අතර සෙසු සැකකරුවනට රුපියල් පනස් දහසක මුදල් හා පන්ලක්ෂයේ ශරීර ඇප දෙක බැගින් නියම කළ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය නඩු විභාගය පෙබරවාරි හය හත සහ අට වැනිදා පැවැත්වීමට නියම කළාය.



අදහස් (0)

තාක්ෂණ සිසුවාට ගැසීයැයි වාස් පවුලටම නඩු

බෙනට් Monday, 19 September 2016 10:34 AM

පවු...පවුලම එකතුවෙලා ගෝලයන් එකතු කරගෙන කොල්ලෙක්ට ගහල ..(අ)

:       0       0

මාලක Monday, 19 September 2016 12:15 PM

මම හිතන්නේ දැන් මෙම නඩුව ඉල්ලා අස්කරගන්න ඕන කියලා. කරලා තියෙන්නේ ලොකු වරදක් වුනත් දැන් වස් ගුණවර්ධන එල්ලුම් ගහට නියම වෙච්ච අයෙක්. ඉතින් දැන් ඔහුගැන අනුකම්පා කරන්න. එය දැන් මැරී මැරී ඉපදෙනවා හිරකුඩුව ඇතුලේ. ඒක විශාල පිනක්. (හේ)

:       0       0

සරණපාල Monday, 19 September 2016 12:30 PM

මෙතන මොකක් හරි හොරයක් තියෙනවා. මේ මනුස්සය හොඳට වැඩ කරපු කෙනෙක්. (හේ)

:       0       0

ජානක Monday, 19 September 2016 12:54 PM

මේ නඩුව දැන් ඉවර කරමු.(හේ)

:       0       0

සුසන්ත Monday, 19 September 2016 01:57 PM

සරණපාල - ඔහොම තමයි ආණ්ඩු මාරු වෙද්දී. (හේ)

:       0       0

රුවන් Monday, 19 September 2016 05:58 AM

දැන් ඒකත් ඉවර වෙයි.(හේ)

:       0       0

අරවින්ද Monday, 19 September 2016 06:45 AM

කරන කලට පවු මිහිරිය මී සේ... (නි)

:       0       0

දිලිප් Monday, 19 September 2016 06:54 AM

වර්ෂ 2009 සිදු වූ සිද්ධියකට අධි චෝදනා ලබා දෙන්නේ වර්ෂ 2016 . වසර 07ක් ප්‍රමාද වීම බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බරපතල ගැටලුවකි. නොයෙකුත් පෞද්ගලික හෝ දේශපාලන හේතු කාරනා තිබෙන්නට පුළුවන. එහෙත් දැන් හෝ ගොනු කිරීම පැසසිය යුතුයි. (බ)

:       0       0

අබය Monday, 19 September 2016 06:53 AM

වාස් වැනි අහිංසක පොලිස් නිලධාරියෙකුට සහ ඔහුගේ පවුලට මෙවැනි චෝදනා නඟන්නේ ඇයිද යන්න මට නම් විශාල ප්‍රශ්නයකි.

:       0       0

පිටබැද්දර ජයා Monday, 19 September 2016 06:53 AM

යහපාලනයට පින්සිද්ධ වෙන්න ඕනෑ (නි)

:       0       0

සුනිල් ගීකියනගේ Monday, 19 September 2016 07:09 AM

මේ සිද්ධිය මොකක්ද කියලා ලංකාවේ හිටපු අය දන්නවා. බලය මඟින් යටපත් කරලා තිබුණු එකක් නැවත වින්දිතයා පැත්තට හැරී ඇති බවයි පේන්නේ. (නි)

:       0       0

සෑම් Monday, 19 September 2016 07:21 AM

මේ ළමයාගේ ජීවිතය යන්තම් බේරුනා. නැත්නම් මේ වෙද්දී මොනවා වෙලාද දන්නෙ නැහැ (නි)

:       0       0

පිටිගල Monday, 19 September 2016 08:40 AM

මේ ළමයා ඝාතනය නොවුන එක ගැන මට නම් පුදුමයක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 436 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site