IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අන්තර්ජාලයෙන්

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයෙහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර කොවිඩ් 19 වෛරසයේ පැතිරීමේ අවදානම අවම කිරිමේ අරමුණින් අද (16) සිට නැවත දැනුම් දෙනතුරු සියලු අධ්‍යයන කටයුතු අන්තර්ජාලය හරහා සිදුකෙරෙන බවත් විශ්වවිද්‍යාලය වෙත පැමිණීම හැකිතාක් සීමාකරන ලෙසත් එම විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සිසුන්ට දැනුම් දී ඇත.

මේ අනුව සාමාන්‍ය අධ්‍යයන කාලසටහනට අනුකූලව නියමිත දේශන පවත්වාගෙන ‍යාම මෙන්ම පැවරුම් ලබා ගැනීම, නිමකිරීම හා බාරදීමත් වෙනත් අධ්‍යයනය ක‍්‍රියාකාරකම් හා ඊට අදාළ වන සියළුම අධ්‍යයන අවශ්‍යතා කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මේවනවිටත් කටයුතු සම්පාදනය කර ඇත.

වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා අවශ්‍ය තීරණ ගැනීම වෙනුවෙන් පත්කරන ලද විශේෂ මෙහෙයුම් කමිටුවක් මඟින් ගත් මෙම තීරණයෙන් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු පෙර පරිදි කිසිදු බාධාවකින් තොරව නොකඩවා සිදු කිරීමත් අදාළ උපාධි පාඨමාලා සැළසුම් කර ඇති දින වකවානු වලදී අවසන් කිරීමත් ඊට අදාළ උපාධි පිරිනැමීමේ කටයුතු සාර්ථකව නිම කිරීමත් සඳහා වේ.

දැනටමත් නේවාසික සිසු සිසුවියන් 1000කට අධික සිසු සිසුවියන් ඉගෙනුම ලබන ශ්‍රී ලංකා තාක්‍ෂණික විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු නොකඩවා සිදුකර ඔවුන්ගේ අනාගත ඉලක්ක බාධාවකින් තොරව සපුරාලීම සඳහා නොපමාව ගත යුතු සියලූ තීන්දු තීරණ විශ්ව විද්‍යාලය විසින් ගනු ලබනු ඇති අතර ශ්‍රී ලංකා තාක්‍ෂණික විශ්ව විද්‍යාලයේ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙම මොහොතේ ප්‍රධනතම අභිලාෂය බව ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාල කළ නිවේදනයේ සඳහන් වේ.



අදහස් (0)

තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අන්තර්ජාලයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 19 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 864 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site