IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තේක්ක සෙවනේ මුරුංගා වවා හරිත සම්මානය දිනයි

 ජර්මනියේ බර්ලින් නුවර පැවති 2014 විශ්ව හරිත සම්මාන උළෙලේ කෘෂි කර්මාන්තයේ නව සංකල්ප හඳුන්වා  දීම යටතේ වු    සම්මානය හිමිකර ගැනීමට නෙරළු වැවිලි කර්මාන්ත ආයතනය සමත් විය.  

ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමිකර දෙමින් දිනාගත් මෙම සම්මානයද රැගෙන නෙරළු වැවිලි කර්මාන්ත ආයතනයේ අධ්‍යක්ෂක ධනුෂ්ක ලංකා තරංග ලියනගේ මහතා පසුගිය දා දිවයිනට පැමිණියේය.

මෙම සම්මාන උළෙල සඳහා රටවල් 52 ක සමාගම් 92 ක පුද්ගලයෝ 204 ක් තරග කළහ.

ඔහු ලබා ගත් මෙම සම්මානය පිළිබඳ ඔහු පවසන්නේ  ද්විත්ව වානිජ වගා ව්‍යාපෘතියක් ලොවට හඳුන්වා දීම වෙනුවෙන් මෙම  සම්මානය හිමි වු බවයි.

තම ආයතනය මගින් පොල්, තේක්ක යන ප්‍රධාන භෝග සමග අතුරු භෝගයක් ලෙස ආර්ථික ප්‍රතිලාභ ලබා ගත හැකි මුරුංගා වගාව හඳුන්වා දුන් බව ඔහු කියයි.

මුුරුංගා භෝගය ආශ්‍රීතව වලින් සුවඳ විලවුන්, ඖෂධ, ආලේපන, තෙල් වර්ග  ඇතුළු බොහෝ දේ නිෂ්පාදනය කළ හැකි බැවින් ඒ සඳහා ආයෝජකයින් පොළඹවා ගැනීම ඔහුගේ අරමුණයි.

1111 2222 4444

 

 



අදහස් (0)

තේක්ක සෙවනේ මුරුංගා වවා හරිත සම්මානය දිනයි

කුමාර Tuesday, 22 July 2014 09:41 AM

තිලකට මුරුංගා මාරුවෙලා වගේ.... (නි)

:       0       0

දර්ශන Tuesday, 22 July 2014 02:01 AM

මටත් ඕනෑ වුණා මේකට ආයෝජනය කරන්න. ඒත් මම ටිකක් බය වුණා. ඇත්තට බලපුවම හොඳ වැඩ කරන මේ වගේ අයත් ඉන්නවා. ඒක ලොකු සතුටක්. (නි)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Tuesday, 22 July 2014 03:06 AM

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් තේක්ක වන වගා රාශියක් තියනවා. ඒවයින් කෙරෙන්නෙ රාජ්‍ය දැව සංස්ථාවට දැව ලබාගැනීම පමණයි. ඒ අයටත් මේ ආදර්ශය වැදගත් වේවි දැනුවත් වුනොත්.(අ)

:       0       0

තිසර Tuesday, 22 July 2014 03:22 AM

නුඹට සුභ පැතුම්! (අ)

:       0       0

ෆැරෑන්ක් Tuesday, 22 July 2014 03:28 AM

මට මේ ගැන කියන්න තියෙන්නේ පරිස්සමෙන් මේ ගැන බලාගෙන ඉන්න කියල. මෙම සම්මානය දුන්නේ පෞද්ගලිකව පිරිසක් කැඳවල.ජර්මන් රජය නොවෙයි .මේ වගේ දේවල් මෙහෙම දේවල් කරලා කරලා අපේ අය දන්නවා මේවා ඔක්කොම වංචා කියල.නමුත් මෙහෙම පිටරටින් සමමාන ලැබුන කියල කීවහම ආපසු කව්රුත් විශ්වාස කරලා මුදල් ආයෝජනය කරනවා ඊළඟ විනාශයක් එනතුරු.(අ)

:       0       0

සමිත Tuesday, 22 July 2014 03:36 AM

මගේ උනුසුම් සුභ පැතුම්! ඔබට තවත් මෙවැනි ජයග්‍රහණ හිමිවේවා! පරිසරයට, රටට වැඩ දායී මෙවැනි ව්‍යාපෘති තවත් ඉදිරියට කරගෙන යන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. (අ)

:       0       0

ගයාන් Tuesday, 22 July 2014 11:49 AM

මම මේ කල්පනා කළේ අපේ පාඨක සභාවේ තිලක්ලා දෙන්නගේ වෙනස. ඩුබායි තිලක් මහතා ඉතා තෘප්තිමත්, තමන් ඉන්න රටට බරක් නැති, වැඩදායි දිවි පෙවෙතක් ගතකරන බව පෙනෙනවා. (නි)

:       0       0

තිලක් Tuesday, 22 July 2014 04:52 AM

මමනම් විනෝදයට වගේ මැදපෙරදිග ඉඳල මුරුංග,ඇපල් ,පෙඅච්,ෆිග්,දොඩම්,දෙළුම් මෙහෙ වගා කරලා සාර්ථක අස්වැන්නක් ලබනවා.ලංකාවෙත් ඇපල් ,මිදී,ෆිග් වගේ පලතුරු ගස් හිටවල තියෙනවා.පලතුරු ගස් සිටවීමෙන් ,සහ පලදාවෙන් විශාල මානසික තෘප්තියක් ලබනවා. (අ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 22 July 2014 05:10 AM

මුරුංග කොළ වල තිබෙන අව්ෂදීය ගුණය නිසා දුප්පත් රටවල දරුවන් මන්ද පෝෂනයෙන් සහ ගැබිණි මව්වරුන්ට ලැබෙන දරුවන් බර අඩු භාවයෙන් සහ රක්ත හීනතාවයෙන් බේර ගන්නවා.මුරුංග "මිරකල් ප්ලාන්ට්" කියන නමින් හදුන්වන්නේ එහි ඇති ඖෂධීය ගුණය නිසයි. (අ)

:       0       0

තිලක් Tuesday, 22 July 2014 05:13 AM

මගේ මුරුංග ගස් වලින් මුරුංග කොළ වලින් සතියකට දවස් 3-4 ක් සුප් හදනවා. (අ)

:       0       0

බණ්ඩා Tuesday, 22 July 2014 05:14 AM

මට හිතෙන විදියට මේක ප්‍රයෝගිකව කරන්න අමාරු වැඩක් මගේ වත්තේ තේක්ක ගස් තියෙනවා හැබැයි අවුරුද්දකට දෙපාරක් විතර ඒ ගස් වල අතු හොදට පාහින්න ඕන ඉතින් යටින් මුරුංග හිටවන්නේ කොහොමද තේක්ක අතු වැටුන ගමන් මුරුංග ගස් නිකම්ම කැඩෙනවා නේද? (අ)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 July 2014 05:34 AM

මේවා අපේ රටේ මිනිසුන් අතර ප්‍රචලිත කිරීම වැදගත්.(අ)

:       0       0

තිලක් Tuesday, 22 July 2014 06:36 AM

බණ්ඩා.මුරුංග ගස් ඉහලට වැවෙන්න දෙන්නේ නැහැ.අඩි 2-3 ක් ඉහලට යනකොට ගහ කපල අතු වැවෙන්න ඉඩ හරිනවා ඒ නිසා මුරුංගා කොළ විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට පුළුවන්.(අ)

:       0       0

සඳරුවන් Tuesday, 22 July 2014 06:53 AM

හෙක්ටෙයාර් එකකින් ලැබෙන මුරුංග පලදාව කොහොමද? සුවඳ විලවුන් 1L හදන්න මුරුංග කොච්චරක් ඕනෙද? එහෙම හදන සුවඳ විලවුන් 1L ක මිල කියද? (අ)

:       0       0

ගාමිණී- සිරි Monday, 21 July 2014 03:25 PM

සැඟවුණු ගුණාත්මක කෘෂි භෝගයක් හඳුන්වා ජාත්‍යන්තර සම්මානයක් ලබාගැනීම රටට ගෞරවයක්. (අ)

:       0       0

සංජීව Monday, 21 July 2014 03:32 PM

අපේ ආචාරය (අ)

:       0       0

ඉන්දික - කටාර් Tuesday, 22 July 2014 07:17 AM

මගේ යාළුවෙක් හැටියට මම තරංග පොඩි කාලේ ඉදලම දන්නවා. ජීවිතේ අනන්ත දුක් විදලා අපු ගමනක සුපිරි ප්‍රතිපලයක් මේ තරංග ලබාගෙන තියෙන්නේ.. මගේ කලන මිත්‍රයට ජයෙන් ජයම ලැබෙන්න ඕන... නියමය් තර... බුදුසරනෛ මචන්.(අ)

:       0       0

නලින් Monday, 21 July 2014 04:12 PM

එල එල.(අ)

:       0       0

අමිල Monday, 21 July 2014 04:14 PM

හොද ක්‍රියාවක් (අ)

:       0       0

යසිත් Sunday, 27 July 2014 03:59 PM

සුභ පැතුම්! (නි)

:       0       0

තරංග Monday, 21 July 2014 06:07 PM

නියම කොල්ලෙක්. ගමේ නම තිබ්බා එහෙනම් (නි)

:       0       0

වීරා Tuesday, 22 July 2014 08:07 AM

පුළුවන් කියල ඔප්පු කළා වගේම මිනිස්සුන්වත් දැනුවත් කරන්න .(අ)

:       0       0

විජ‍ේසිංහ Monday, 21 July 2014 07:17 PM

සුභ පැතුම්! (නි)

:       0       0

හැරිසන් Monday, 21 July 2014 08:46 PM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 21 July 2014 10:45 PM

තේක්ක සෙවනක තිබෙන මුරුංගා වගාවක් දැකගන්න ඇත්නම්.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site