IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේදී ශී‍්‍ර ලංකා - පාකිස්තානු සටන ඇරඹෙයි

ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ අසියානු ශාන්තිකර කලාපීය II වැනි කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකාව සිය පළමු තරගය සඳහා පාකිස්තානයට මුහුණ දෙයි. මෙම තරග ශී‍්‍ර ලංකා ටෙනිස් සංගම් මුලස්ථාන කී‍්‍රඩාංගණයේදී ඊයේ ආරම්භ විය. දින තුනක් පුරා පැවැත්වෙන ශී‍්‍ර ලංකා - පාකිස්තානු තරගය කේවල තරග 4 කින් සහ යුගළ තරගයකින් සමන්විත වේ.

ඉන් කේවල තරග 2 ක් ඊයේ (01) පැවති අතර යුගල තරගය අදත් (2 වැනිදා), ඉතිරි කේවල තරග හෙටත් (3 වැනිදා) පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම රොහාන් ද සිල්වා විසින් මෙහෙයවනු ලබන අතර දිනේෂ්කාන්තන් තංගරාජ්, හර්ෂණ ගොඩමාන්න, අම්රේෂ් ජයවික‍්‍රම සහ රජීව් රාජපක්ෂ කණ්ඩායමට ඇතුළත්ව සිටිති.  මොහොමඞ් කලීඞ් පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය දරන අතර අඛීල් කාන්, මොහොමඞ් අබීඞ්, යසීර් කාන්, අයිසම් කුරේෂි සෙසු කී‍්‍රඩකයෝ වෙති.

දෙවැනි කාණ්ඩයේ තවත් තරගයක් නවසීලන්තය සහ ලෙබනනය අතර පැවැත්වේ. ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර තරගයෙන් ජයගන්නා කණ්ඩායම නවසීලන්තය සහ ලෙබනනය අතර තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමගින් තරග කිරීමෙන් පසුව පළමු කාණ්ඩයට සුදුසුකම් ලබනු ඇත. ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර තරගයෙන් පරාජය වන කණ්ඩායම නවසීලන්තය සහ ලෙබනනය අතර තරගයෙන් පරාජය වන කණ්ඩායම සමග තෙවන ස්ථානය සඳහා තරගයකට සහභාගී වීමට නියමිතය.

ශී‍්‍ර ලංකා - පාකිස්තානු තරගයේ තීරක ලෙස ඉන්දියානු ජාතික ප‍්‍රනීත් ගුප්තා කටයුතු කරන අතර තරග විනිසුරුවන් ලෙස මුෆාඩල් හාසාරි සහ ප‍්‍රසන්න ජයලත් ආරච්චි කටයුතු කරති. දිනිත් පතිරාජ තරගාවලි අධ්‍යක්ෂක ලෙස තොරාගෙන ඇත.

ඡයාරූපය: ශානුක අරවින්ද

 



අදහස් (0)

ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේදී ශී‍්‍ර ලංකා - පාකිස්තානු සටන ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site