IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරි මාස හයේ අවසන්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව ලබාගත් සියලුම ණය ආපසු ගෙවීමට කැපවී සිටින බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඉදිරි මාස 6 දී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල හොඳ ප්‍රගතියක් ශ්‍රී ලංකාව ලබා තිබෙන බවත් ඉන්දියාව දැනටමත් මූල්‍ය සහතික ලබා දෙන බවට පොරොන්දු වී තිබෙන බවත් වීරසිංහ මහතා පෙන්වා දී තිබේ.

දැන් චීනයේ සහ ජපානයේ මූල්‍ය සහතික ලැබෙන තෙක් ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් සඳහා අනුමැතිය ලැබුණු පසු වාණිජ සහ ද්වි පාර්ශ්වික ණය හිමියන් දෙපිරිසම සමඟ විශේෂිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එම ක්‍රියාවලිය මාස හයක් තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් වීරසිංහ මහතා පෙන්වා දී තිබේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාලරාමුව පිළිබඳ විශාල අවිනිශ්චිතතාවයක් තිබෙන බවත් ශ්‍රී ලංකාවට තිරසර වර්ධන මාවතකට පැමිණීමට නම් ණය තිරසරභාවය ඇති කළ යුතු බවත් වීරසිංහ මහතා පවසා ඇත.

මෙම වසරේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය ශීඝ්‍රයෙන් පහළ වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් වසර අවසන් වන විට උද්ධමනය තනි ඉලක්කමට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් වීරසිංහ මහතා පෙන්වා දී තිබේ.

එසේම පැරිස් සමාජය සමඟ සිදුකළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී සාර්ථක ප්‍රගතියක් ශ්‍රී ලංකාව ලබා ගත් බවත් වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත.



අදහස් (2)

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරි මාස හයේ අවසන්

Hafeel Tuesday, 24 January 2023 04:32 PM

දැන් මෙයා කියන්නේ මාස හයක් තුළ කියල. ජනාධිපති එදා කිව්වේ 2022 දෙසම්බරයට කලින් කියල. මෙයා එකක් කියනවා, ජනාධිපති තව එකක් කියනවා, කිසිම දැනුමක් මුදල් රාජ්‍ය ඇමති තවත් බොරුවක් කියනවා. එහම නම්, මෙයා කියන පරිදි මිනුස්සු තව මාස මෙහම දුක් විඳින්නද? ජනවරමක් නැති ජනාධිපතිට සහ ආණ්ඩුවට කොව්රුත් උදව් කරන්න නැහැ වගේ තමයි පේන්නේ.

:       7       3

mp Wednesday, 25 January 2023 08:45 AM

වරින් වර කියන මේ කතාත් හිඟන්නාගේ තුවාලය වගේමයි.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site