
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉන් අනතුරුව තරඟකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ "එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා" නමින් නව ආයතනයක් පිහිටුවමින් මෙරට කර්මාන්ත ක්ෂේත්රය නංවාලීමට රජය සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා කීය.
2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය .
COMMENTS
ණය දුන් රටවල් සමග ගිවිසුමක්...!
අනේ ඔය ගහන ගිවිසුම් වල තියෙන්නේ මොනවද කියලා අපිට රටේ මිනිස්සුන්ට කල්තියා කියන්න. මොකද අපිටම තමයි ඕවායේ තියෙන තරමක් බර ඇදගෙන යන්න වෙන්නේ. මේක බංකොළොත් කළේ අපි නෙමෙයි. කලින් කලට බලේ අරන් ඔහෙලා නටපු නෙයියාඩම් හින්දයි. දැක්කානේ හොරෙන්ම අපේ ගෙවල් වලටත් බදු ගහන්න සෙට් කළා. imf එකේ මනුස්සයා මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වේ නැත්නම් අපි එකවත් දන්නේ නැහැ...
ලංකාවේ හොර තක්කඩි පාලකයෝ කොමිටි හා ගිවිසුම් ගහන්න නම් හපන්නු... වැඩකරන ජනතාව හැමදාම හිඟන්නු... හොර පාලකයින්ට ආවඩන මදාවියන්, ඔවුන්ට සුර සැපදෙන ගණිකාවන්, රාජ්‍ය නිලධාරීන්, හා ප්‍රාදේශීය හා පළාත්සභා වලට පත්වී සිටින නූගත් මැර දේශපාලකයින් තමයි මේ රටේ ධනවත්තු... රටේ තරුණ ශ්‍රමය පිටරටවලට විකුණා පාලකයින් වැජබීම තමයි සිදුවෙන්නේ... මේක තනිකරම අමනයින්ගේ පාරාදීසයක්... මේ රට අල්ලා ගෙන රටේ ජනතාව මේ හොරුන්ගෙන් මුදා ගැනීම විනා, මේ රට සමග ගිවිසුම් ගැසීමෙන් රටේ ජනතාවට නම් කිසිඳු සෙතක් සිදු නොවේ.
හොඳට තිබුණු අපේ රට මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා විනාශ කෙරුවේ බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දුෂිත දේසපාලුවෝ මිස වෙන කවුරුවත් නෙවෙයි .දැනටමත් දුශිත පවුල් පාලනේ උන් නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා හමාරයි .
ඔය ණයබර කරගහන්ට වෙන්නේ ඊළඟට පත්වෙන ආණ්ඩුවටයි.
ඔය ණය ගෙවනනේ අපි... ඒ හින්දා අපෙන් අහන්නේ නැද්ද?
කර්මාන්ත ගොඩක් හදයි... හදිස්සියේ ඔයා..
තමුන් අවුරුදු පනහකට ලංවෙන කාලයක් පාර්ලිමේන්තු ගිහිල්ලත් කරගන්න බැරිවුණු දේවල් මේ එක රැයෙන් කරනවා කියන්නේ... ඔය බොරු තමුන්ගේ කාමරේට වෙලා දොර වහගෙන තනියමම කියාගන්නවා. නැතිනම් තමුන් ඔය කියපු ...කියන ..බොරු පයින් ඇවිදියි.
පිං ජනපති කෙනෙක් එක්ක ගිවිසුම් ගහන්න ඒ ගොල්ලෝ කැමති වෙයිද?
ඉස්සරවෙලා කියාපිය ණය අරන් මොකද කලේ කියලා ඊට පස්සේ ගහපිය ගිවිසුම.
රටත් දේශපාලනයත්, එහි නව ප්රවනතාවයන් ද දන්නා මිනිස්සු, රනිල් යනු කවුද යන්නත් ඉතා හොඳින් දන්නේය. පල් හොරුන් සහ මිනීමරුවන් ගෙන් සමන්විත, තමන් ගේ යහපත උදෙසා අටවා ගත් පක්ෂ, අරගලයෙන් පසු ජනතාව ප්‍රතික්ෂේප කොට තිබේ. රට අතහැර පලා ගිය, නාවික හමුදා කඳවුරු තුල ජනතාවගෙන් බේරීමට සැඟවුනු උන්ට ජන පදනමක් ඇතැයි සිතා සිටීමත් විහිළුවකි. ඵසේම කුහකයන්ට යනඑන මං නැතිවෙනු ඇත. ජනාධිපති වරයාට සුලු ජන ඡන් ද්මෙන් සුලු පක්ෂවලද සහයෝගය තිබේ. මගේ දැණීමට අනුව නම් ජනාදිපති වරයාට පොහොට්ටු උන් ගේ සහයෝගයක් නොමැතිව වුවද අවශ්‍ය ඡන් ද ලබා ගැනීමේ ගැටළුවක් කොහෙත්ම නැත.