(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට ණය ලබා දුන් චීනය සහ ඉන්දියාව ඇතුළු සියලුම ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද කිරීමෙන් ණය ලබා ගත් ශ්‍රී ලංකාවට මෙන්ම ණය ලබා දුන් පාර්ශ්වයන්ටද අයහපතක් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපාය මාර්ග, ප්‍රතිපත්ති සහ සමාලෝචන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මාර්ක් ෆ්ලැනගන් මහතා බී.බී.සී පුවත් සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද කිරීමෙන් ණය ලබා ගත් රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල වනවා සේම ණය ලබා දුන් රටවලටද තම ණය අය කර ගැනීමට ඇති හැකියාව අවම කරන බව මාර්ක් ෆ්ලැනගන් මහතා පෙන්වා දී තිබේ.ඒ හේතුවෙන් චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති රටවල් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කළ යුතු බවත් ණය අර්බුද විසඳීමේදී ණය හිමියන් ණය දුන් රටවල් සමඟ ස්ව කැමැත්තෙන් එකඟතාවයකට පැමිණි වැදගත් බවත් ෆ්ලැනගන් මහතා පවසා ඇත.
ගෝලීයව ණය අර්බුදයට මුහුණදී සිටින රටවල්වල ණය අර්බුදය කාලයට සුදුසු පරිද්දෙන් විසඳා නොගතහොත් එය ගෝලීය ආර්ථිකයටද බලපාන බව ෆ්ලැනගන් මහතා පෙන්වා දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ණය අර්බුද විසඳා නොගතොත් ගෝලීය ආර්ථිකයටත් බලපෑමක්