IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඩී.එන්.ඒ වාර්තා එනතුරු පාසල් සිසුවාත් යළි රිමාන්ඩ්

කොටදෙණියාවේ, බඩල්ගම සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින පාසල් සිසුවා ඇතුළු මුල් සැකකරුවන් දෙදෙනා ඔක්තෝබර් 2 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා අද (28) නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ කොටදෙණියාව පොලිසියද රහස් පොලිසියද යන ප්‍රශ්නය මහේස්ත්‍රාත්වරයා මතු කළේය. අද රහස් පොලිසිය උසාවියට පැමිණ සිටියේ නැත.

නොපැමිණීමට හේතුවක්ද දක්වා තිබුණේද නැත. ළමයා   මුදාහරින්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි දස දෙනෙක් පමණ නීතිඥවරු ඉල්ලා සිටියහ.

කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ඊට විරුද්ධ විය. ඩී.එන්.ඒ ජාන පරීක්ෂණ වාර්තා ලැබී නැතැයිද ලැබෙනතුරු ඔවුන්ට ඇප නොදෙන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

නීතිඥවරුන් එවිට කියා සිටියේ එසේ නම් ජාන පරීක්ෂණ සඳහා ලේ ලබාගත් සෙසු සැකකරුවන්ද රිමාන්ඩ් කරන ලෙස පොලිසිය ඉල්ලා ඇත්ද යන්නයි. මෙම දෙදෙනා  දින තුනක් පොලිසියේ රඳවාගෙන පහරදී ඇතැයි නීතිඥවරු කීහ. ඔවුන් වහාම මීගමුව අධිකරණ වෛද්‍ය නිලධරයා වෙත යොමු කර වාර්තාවක් නිකුත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මහේස්ත්‍රාත්වරයා පැවසූයේ පොලිසිය හා ජනමාධ්‍ය මේ සිද්ධියේදී ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි. එසේ නොකළ හොත් සැකකරුවන්ට තදබල අසාධාරණයක් සිදුවනු ඇතැයි මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය. තමාට ඇප දීමේ බලයක් නැතැයිද තමාට කළ හැක්කේ සාක්කි නැත්නම් මුදා හැරීම පමණක් යැයිද මහේස්ත්‍රාත් කීවේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක්ද රිමාන්ඩ් කර සිටියි.

 



අදහස් (0)

ඩී.එන්.ඒ වාර්තා එනතුරු පාසල් සිසුවාත් යළි රිමාන්ඩ්

මලිත් Tuesday, 29 September 2015 03:43 PM

පොඩ්ඩක් කල් ඉන්න වෙනවා මොකද හිරේ ඇතුලේ ඉන්න කාලේ දුන්න පාරවල් හොඳ වෙනකම්.. නැත්තම් මාට්ටු වෙනවනේ හොඳට නෙළුවා කියලා..(බ)

:       0       0

ඉමේෂ් Monday, 28 September 2015 05:25 AM

වලහට වුන වැඩේ වෙයි ද දන්නේ නැහැ මේ ළමයටත්. (අ)

:       0       0

ලලිත් Monday, 28 September 2015 09:48 AM

පොලිසියේ අයට මේ වගේ පාසල් දරුවන් නැද්ද? මට නම් හරිම දුකයි (නි)

:       0       0

පුෂ්පා Monday, 28 September 2015 10:09 AM

මටත් ඔය වලහගේ කතාව මතක් වුණා ඉමේෂ්.(අ)

:       0       0

මංජුල Monday, 28 September 2015 10:48 AM

මෙම දරුවත් එක් දරු පියාත් දඩුවම් විදින්නෙ සාධරන සැකයකට නොව අසාධාරන බොරුවකටය​ (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site