IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඩී.අයි.ජීට දුන් බලය ඒ.එස්.පීට මාරුකරයි

(යොහාන් භාසුර)

ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාගේ ඉල්ලීමකට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ 2023 වසරේ ජූලි මස පැවරූ එම කොමිසම සතු බලතල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් අද (30) ප්‍රසිද්ධ කළේය.

එහිදී 2341/51 හා 2023.07.20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරු පවරා තිබූ පරිපාලන බල ප්‍රදේශය තුළ ස්ථාන මාරු කිරීම, වැඩ තහනම් කිරීම සහ විනය පාලන කටයුතු ආදි බලතල සහකාර පොලිස් අධිකාරීවරු වෙත පවරා තිබේ.  

සහකාර පොලිස් අධකාරීවරු එම බලතල ක්‍රියාත්මක කිරීමේදී පහළ පොලිස් නිලධාරීන්ට කිසියම් අසාධාරණයක් වුවහොත් ඒ සඳහා පොලිස් කොමිසමට පැමිණිළි කිරීම සඳහා ‘2025 ජාතික පොලිස් කොමිෂන් සභා (අභියාචනා කාර්ය පටිපාටික) රීති” යනුවෙන් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පොලිසිය ක්‍රියාත්මක කරන මෙහෙයුම් කටයුතු පහසුවීම සඳහා පොලිස් කොමිසම සතු ඉහත බලතල පොලිස්පතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙසේ පැවරූ බවත් පොලිස්පතිවරයාගේ ඉල්ලීමකට අනුව එම බලතල සහකාර පොලිස් අධිකාරීවරුන්ට මාරුකර ඇති බවත් සඳහන් වේ. 



අදහස් (0)

ඩී.අයි.ජීට දුන් බලය ඒ.එස්.පීට මාරුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18072 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 15475 19

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10821 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 465 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 140 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 814 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site