(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව අද(24) සුළු වශයෙන් ඉහළ ගියේය.

අද(24) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන  ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 314.74 ක් ලෙස සටහන් වී තිබූ අතර විකුණුම් මිල රුපියල් 331.37 ක් ලෙස සටහන් විය.