( පුෂ්පකුමාර ජයරත්න සහ අනුර ජයන්ත)

මැල්සිරිපුර නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයක  පැවති මත්පැන් සාදයකට සහභාගී වූ  21 හැවිරිදි තරුණයකු හෝටලය තුළ පිහිටි පිහිණුම් තටාකයට වැටී මියගොස් සිටි බව ගොකරැල්ල පොලිසිය පවසයි.

පිහිනුම් තටාකයේ වැටී සිටි එම තරුණයා ගොඩගෙන පොල්ගොල්ල දිසා රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබූ බවද පොලීසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ රිදීගම උඩහොරොම්බුව ප්‍රදේශයේ මලිත් ලක්සර රණසිංහ නමැති අයෙකි.

තවත් පිරිසකගේ සහභාගිත්වයෙන් මත්පැන් සාදයක් සමග ඩීජේ පාටියක් පවත්වා ඇති අතර ඊට සහභාගි වූවන් හෝටලය තුළ පිහිටි පිහිණුම් තටාකයට බැස විනෝද වෙමින් සිටියදී අනෙක් පිරිසගේ අවධානයට ලක් නොවූ අයකු දියේ ගිලීමෙන් මෙසේ අනතුරට ලක්ව ඇති බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.