
(යොහාන් භාසුර)
ඩීසල් හිඟය අද (28) දිනයේ ද රට පුරා දැකිය වූ අතර ඒ හේතුවෙන් කොළඹ නගරය ඇතුළු බොහෝ ප්‍රදේශවල ඩීසල් මිලදී ගැනීමට දිගු පෝලිම් දැකිය හැකිවිය.
කොළඹ නරගයේ බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 92 ක සහ ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් තොග පැවැති අතර පෙට්‍රල් ලබාගැනීමට සැළකිය යුතු පෝලිම් නොතිබුණි.
ඩීසල් සහ පෙට්‍රල් සීමා සහිතව ලබාදෙන ලෙස ඛනිජ තෙල් සංස්ථාව දැනුම්දී ඇති බවත් ඒ හේතුවෙන් සීමිත ප්‍රමාණයක් පමණක් එක වාහනයකට ලබාදෙන බවත් කොළඹ නගරයේ ඉන්ධන පිරවුම්හලක කළමනාකරුවෙක් පැවසීය.
පැය කීපයක් පෝලිමේ රැදි සිට අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන මිලදී ගැනීමට නොහැකි වීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්ව සිටි අතර හැකි ඉක්මණින් ඉන්ධන ගැටලුවට විසඳුමක් ලබාදෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
(ඡායාරූපය: ළහිරු හර්ෂණ)





2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඩීසල් පෝලිම් තවත් දිගු වෙයි
Sobhitha Tuesday, 01 March 2022 02:33 PM
දරුවනි, ඉවසන්න විනීතව නිර්වාණයට යන පෝලිම දිගයි... පින්වතුනි...!
sugath Tuesday, 01 March 2022 03:27 PM
පෝළින් යුගයක් නැවතත් අරඹව් හෙළ භුමි තලේ ලංකා....//
Rohana Thursday, 03 March 2022 10:31 PM
මේක රට කාපු ආණ්ඩුවක්. අත්‍යාවශ්‍ය දේවල්වත් හිඟයකින් තොරව සපයන්න දන්නෙ නෑ...
Perera Thursday, 03 March 2022 11:38 PM
ඔව් ඉතින් ඔය වගේ පෝලිමේ ගිහින්නේ ‘‘විරුවාට‘‘ ඡන්දෙ දීලා පත්කරගත්තේ. 5000 ගානෙ බෙදුවාම 69 ලක්ෂය ආපහු 2024දී ආයෙත් පත්කර ගනීවි. ලංකාවට ජයවේවා...!