
(යොහාන් භාසුර)
ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දැමූ බවත් නව මිල අද (1) මාධ්‍ය රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 397 ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 543 ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 424 ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 490 ක් බවට පත්වූ බවත් භූමිතෙල් මිල නොවෙනස්ව ලීටරයක මිල රුපියල් 285 ක තව දුරටත් පවතින බවත් එම සංස්ථාව වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
SJB ඔයිල්ස් සහ PP ඔයිල්ස් යන ඉන්ධන සමාගම් මඟින් ඉදිරියේදී අඩුවට තෙල් ලබාදෙනු ඇත.
රස්සාවක් නොකර පිනට කකා කියව කියවා හිටියා ඇරෙන්න වෙන මෙලෝ වැඩක් බැරි ගොබ්බ ගොන් වහෙලාට රටක් බාර දීල අපි කන පරිප්පුවේ තරම පෙනෙනවා නේද ?
තොපිට තේරෙන්නේ නෑ බොල, මුන් මහින්දයගේ හොර සල්ලි හොයනවා මිසක්, අර කියපු කාංචනයගේ 132 ඔයන්නේ නෑනේ.
රජය මොනා කොරන්නද ට්‍රම්පට් උගේ රට වැටුන තැනින් නැගිටවද්දි. උට වැඩක් නෑ උගේ රටේ තෙල් තියෙන්ව මිනිසුන්ට. අපි මේ පොඩි රටවලට තමා කෙලවෙන්නෙ. උන්බුන් බලය වෙනුවෙන් මරා ගද්දි අපේ ගොං හැත්තගෙ මොලත් හෝදන් ගෙහුන් ආන්ඩුවට හෙන ඉල්ලනවා හරියට රටේ තෙල් හදනව කියල හිතාන. එංගලන්තෙ මේ වෙද්දි 100%කට කිට්ටු ගානකින් තෙල් වැඩි වෙලා. ඒත් ඒ රටවල් මැනේජ් කරන ක්‍රම සොයාන ගමන යනවා. අපේ උන් ආන්ඩුවට උගන්වමින් ඉන්නවා. වික්කසිංහලගෙ කාලෙ අපි දවස් ගනන් පෝලිමේ උන්න. හැබැයි උන්ට හෙන ඉල්ලුව කියල අපට තෙල් ලැබුනෙ නෑ. ලෝකෙ දිහා බලන්නෝන මිනිස්සු ලිං මැඩියො නොවී.
ඉරානය සමග ඇති යුද්ධය තිබෙනතාක් කල්, ඉන්ධන මිලේ ස්ථාවරයක් නොතිබෙනු ඇත. බොහෝ දෙනෙක් පිළිගන්නට අකමැති තිත්ත ඇත්ත නම්, ලංකාව වැනි කුඩා රටකට ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිලට කිසිම බලපෑමක් කිරීමට නොහැකි බවයි.
ලෝකයේ කිසිදු අර්බුධයක් නොතිබූ වකවානුවක, තෙල් හා ගෑස් පෝලිම් වල ලැගපු අමනයින් දැන් තප්පුලනවා ලංකාවේ තෙල් මිල වැඩිවූ එකට... ට්‍රම්ට එරෙහිව වස් කවි කියලා ඔහුගේ රුපයක් අඹලා කටු ගහලා, නයි බස්තමක් අරගෙන හොමුස් සමුද්‍ර සන්දිය පැත්තේ ගියා නම්,, ලෝක තෙල් මිල අඩු කරගන්න තිබුනා අපුරුවට...