IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ඩීසල් නොමැති වීමෙන් පාසල් වෑන් සහ බස් රථවලට බාධා

(නිමල කොඩිතුවක්කු)

පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ රථ වලින් සියයට 75 ක් පමණ අද (25) දිනයේ ධාවනය වූ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා පැවසීය.

ඩීසල් ලබා ගැනීමේ ගැටලු හේතුවෙන් ඇතැම්  පාසල් වෑන් රථ සහ බස් රථ වලට ධාවනය කිරීමට නොහැකි වූ බවත් ඔහු සඳහන් කළේය.

පාසල් වෑන් රථ සහ බස් රථ 48000 කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා ධාවනය වේ.

මෙම පාසල් වෑන් රථ සහ බස් රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දීමට පියවර ගත්තත් එහිදී ගැටළු මතුවූ බවත් චන්ද්‍රසිරි මහතා කීවේය.

ඩිපෝ වලට ඇති දුර ප්‍රමාණය වැඩිවීම, ඩිපෝ වලින් ඉන්ධන සීමාසහිත ප්‍රමාණයක් නිකුත් කිරීම හේතුවෙන් මෙම ගැටළු මතුවූ බවත් ඔහු පැවසීය.

අගෝස්තු පළ වන දා සිට සියලූම පාසල් වෑන් රථ සහ බස් රථ ධාවනය කිරීමට පියවර ගන්නා බවත් ඔහු තවදුරටත් කීවේය.



අදහස් (0)

ඩීසල් නොමැති වීමෙන් පාසල් වෑන් සහ බස් රථවලට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site