IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඩීසල් තොගයක් ගැන සැකයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලංකා ඉන්දියානු ඔයිල් සමාගම විසින් ආනයනය කෙරුණු ඩීසල් තොගයක්  ගැන මතුවූ සැකයක් මත ඒවා පරීක්ෂණ සඳහා යොමු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී  අද (7)  පැවසීය.

ප්‍රමිතියෙන් තොර බව සනාථ වුවහොත් එම ඉන්ධන ගොඩ නොබා නැවත හරවා යවන බවද  ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඩීසල් තොගය සමග රැගෙන ආ  පෙට්රල් 92  තොගය තත්ත්ව පරීක්ෂාවෙන් පසු එය හොඳ බව තහවුරු වීමෙන් පසු ගොඩ බෑ බවද ඔහු සඳහන් කළේය.

"මේ රටට  අපි  ප්‍රමිතියෙන් තොර ඉන්ධන ආනයනය කරලත් නැහැ.  බෙදාහැරලත් නැහැ" යැයිද  ඔහු සඳහන් කළේය.

ඩීසල්  තොගේ පරික්ෂා කිරීමට නිලධාරීන් එහි සම්පත්  එහි ගොස් ඇති බව පැවසූ අමාත්‍යවරයා  ඩීසල්  ගොඩබෑමක් දැනට කර නැතැයිද සඳහන් කළේය.



අදහස් (4)

ඩීසල් තොගයක් ගැන සැකයක්

monaragala Tuesday, 07 November 2023 04:55 PM

දෙවෙනි සාම්පලේ සමත් වෙනවා...

:       0       0

චන්දන Tuesday, 07 November 2023 06:15 PM

දැන් කියයි ඒ ඩීසල් හොඳයි කියලා...

:       0       0

Perera Wednesday, 08 November 2023 01:58 PM

මීට කළින් බාල පෙට්‍රල් ගෙනැල්ලා වුණු වින්නැහිය මෙයාට අමතක වෙලා...

:       0       2

Nimal Wednesday, 08 November 2023 02:31 PM

සැකයක් නෑ මල්ලි... ඕක පන්නගන්න එක ඒ හැටි දෙයක් නෙවෙයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site