පරාජිත පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින් එකොළොස් දෙනකු පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් ලෙස පත් කිරීම බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ඩිව් ගුණසේකර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනවාද, නැත්ද යන්න සලකා බැලීම අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
එම පෙත්සම ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ සහ උපාලි අබේරත්න යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ත‍්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
එහිදී පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙසට පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ගණන 11කි.
එම ඉල්ලීමට විරුද්ධ වන බවත්, මෙම පෙත්සම තිදෙනකුගෙන් යුතු විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීම ප‍්‍රමාණවත් බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුනි ද සිල්වා මෙනවිය ඇතුළු වගඋත්තරකරුවන් ගේ නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේය. පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතාවයන් ඉදිරිපත් කිරීමටද අපේක්ෂා කරන බවද එම නීතීඥවරු පැවසූහ.
කරුණු සලකා බැලූ ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල දෙපාර්ශවයේම ඉල්ලීම් සලකා බලමින් සුදුසු තීරණයක් ගැනීම අගවිනිසුරුවරයාට යොමු කිරීමට තීන්දු කළේය.
ඒ අනුව පෙත්සම යළි සලකා බැලීම ලබව 29 වැනි දිනට කල් තබන ලදී.
තමන් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස නම් කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමින් ඉල්ලා සිටී.
මෙම පෙත්සමේ මැතිවරණ කොමසාරිස්වරයා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විශ්වා වර්ණපාල, එහි හිටපු මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, ජනතා විමුක්ති පෙරමුණ මහලේකම් ටිල්වින් සිල්වා, ජාතික ලැයිස්තුවෙන් පත් කර ඇති පරාජිත අපේක්ෂකයින් 11 දෙනා සහ නීතිපති ඇතුළු 15 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටිති.
නාමයෝජනා බාර දෙන අවස්ථාවේදී ප‍්‍රකාශිත ගැසට් නිවේදනයේ නම නොමැති සහ මැතිවරණයේදී පරාජයට පත්වූ අපේක්ෂකයින් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරු ලෙස ප‍්‍රකාශ කිරීමෙන් මැතිවරණ කොමසාරිස් මෙරට ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද පෙත්සම්කාර හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමින් ඉල්ලා සිටි.
එම පෙත්සමේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
තමන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයා වන බවත්, එය සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන්නේ යැයිද පෙත්සම්කරු කියා සිටී. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම්වරයා වූ සුසිල් පේ‍්‍රමජයන්ත මහතා විසින් මීට පෙර සැකසූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර ලැයිස්තුවේ තෙවැනියා ලෙස නම් කළද, එම සන්ධානයේ වත්මන් මහලේකම්වරයා විසින් සැකසූ දෙවැනි ජාතික ලැයිස්තුවේ සිය නම් ඇතුළත්ව නොතිබූ බව ද පෙත්සම්කරු කියා සිටී.තවත් පක්ෂ වලින් තරඟ වැදී පරාජයට පත්වූ අපේක්ෂකයින්ද පත් කර ඇතැයි එහි සඳහන් වේ.
තමන් ඇතුළත් නොකොට පරාජිත අපේක්ෂකයින් එම ජාතික ලැයිස්තුවේ මන්ත‍්‍රීවරුන් ලෙස පත් කිරීම ජනතාවගේ පරමාධිපත්‍ය බලය සර්වජන ඡුන්ද අයිතියට බාධා එල්ලවීමක් වන බවද පෙත්සම්කරු කියා සිටී.එය ජනතා බලය මොට කිරීමක් බවද පෙත්සම්කරු කියා සිටී.
මෙම ක‍්‍රියාවලිය තුළින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත්, එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12.1 ව්‍යවස්ථාව මඟින් පනවා ඇති නීතිය ඉදිරියේ සමාන ලෙස නොසලකා හැර ඇති හෙයින් මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසත්, පරාජිත අපේක්ෂකයින් 11 දෙනා ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් ලෙස පත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ද පෙත්සම්කරු ඉල්ලා සිටී.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩිව්ගේ පෙත්සමට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි
වසන්ජය Thursday, 24 September 2015 10:20 AM
තමන්ව ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නයි නොඉල්ලා පරාජිත සහ ලැයිස්තුවේ නොසිටි අයව පත් කිරීම අවලංගු කරන්න කියා නඩු මගට බැස්ස නම් අපි සැවොම ඔබ සමගය (බ)
සුදේශ් Friday, 25 September 2015 12:18 AM
මොනවා වෙයිද කියලා හිතාගන්න බැහැ (නි)
නිවන්තක Thursday, 24 September 2015 01:19 PM
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
ශ්‍රී වික්‍රම Thursday, 24 September 2015 07:48 AM
වල පයයි ගොඩ පයයි තියාගෙන තාමත් පාර්ලිමේන්තුවට රිංගන්න යන්නේ (ම)