IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඩිල්ෂාන්-සංගක්කර විශිෂ්ට සම්බන්ධතාවක

කුමාර් සංගක්කර (නොදැවී 112) සහ තිලකරත්න ඩිල්ෂාන් (92) එක්ව දෙවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 173 ක සම්බන්ධතාව නිසා පාකිස්තානයට එරෙහිව සාජා අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී ඊයේ (3) ආරම්භ වු තුන්වැනි ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල දිනය අවසානයේදී කඩුලූ 2 ක් දැවී ලකුණු 245 ක් ලබා සිටියේය.    කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිලේ නායක තිලකරත්න ඩිල්ෂාන් පළමුව පන්දුවට පහරදීම තෝරා ගත්තේය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයේ වෙනසක් සිදු කරමින් තරංග පරණවිතාන සමග තිලකරත්න ඩිල්ෂාන් පිටියට පැමිණි නමුත් උමාර් ගුල් යැවු පළමු  ඕවරයේ පස්වැනි පන්දුවේදීම පරණවිතාන ලකුණු හතරක් ලබා සිටියදී දැවී ගියේ ආරම්භක සබඳතාව ද ලකුණු 4 ක් ලෙස සටහන් කරමින් කරමිනි. පළමු ටෙස්ට් තරග දෙකේදීම අසාර්ථක වු ඩිල්ෂාන් මෙම තරගයේදී සුපුරුදු පිතිහරඹයට එමින් පන්දු 168 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමග ලකුණු 92 ක් ලබා ගත්තේය. ඊයේ සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ 19 වැනි අර්ධ ශතකය ලබාගත් ඩිල්ෂාන් ශතකය පෙනි පෙනී දැවී ගියේය. ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ ලකුණු 9000 පසු කළ දෙවැනි ක‍්‍රීඩකයා වීමට කුමාර් සංගක්කාර ඊයේ සමත්විය. ඒ අනුව වසර 134 ක් වන ලෝක ටෙස්ට් ක‍්‍රිකට් වංශ කතාවේ ලකුණු 9000 පසු කළ 11 වැනි පිතිකරුවා ද සංගක්කාර විය. මහේල ජයවර්ධන ලකුණු 9895 ක් ලබා ලකුණු 10,000 සීමාව අබියස සිටින්නේ එම කඩඉම පසු කරන පළමු ශ්‍රී ලංකා කී‍්‍රඩකයා වීමේ ද අපේක්‍ෂාවෙනි.සංගක්කාර ලකුණු 49 ක් ලබා සිටියදී සයීඞ් අජ්මල්ගේ පන්දුවකට ඉදිරියට පැන ගැසු පහර උඩ පන්දුවක් ලෙස කඩුලූ රකින අද්නන් අක්මාල් අතින් ගිලිහී ගියේ ස්ටම්ප් කිරීමෙන් දවා ගැනීමට  තිබු අවස්ථාවක්ද අහිමි කරගනිමිනි. එතැන් සිට ආපසු නොබැලූ සංගක්කාර කිසිදු අපහසුවකින් තොරව පන්දු යවන්නන්නට මුහුණ දුන්නේය. සංගක්කාර සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ 27 වැනි ශතකය ඊයේ වාර්තා කළේ දැවැන්ත හයේ පහරකිනි. සංගක්කාර දිනය නිමාවන විට පන්දු 263 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර දෙකක් සමග නොදැවී ලකුණු 112 ක් ලබා සිටියේය.මහේල ජයවර්ධන නොදැවී ලකුණු 32 ක් ලබා සිටියි. මහේල ලකුණු 26 දී සයීඞ් අජ්මල්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමට තිබු ආසන්නතම අවස්ථාවක් ද අහිමිව ගියේය. කෝසල කුලසේකර ශ්‍රී ලංකාවේ 121 වැනි ක‍්‍රීඩකයා ලෙස ඊයේ ටෙස්ට් වරම් ලැබීය. 26 හැවිරිදි කුලසේකර මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් බිහි වු තුන් ඉරියව් කී‍්‍රඩකයෙකි.දෙවැනි ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කළ ළහිරු තිරිමාන්න සහ සුරංග ලක්මාල් වෙනුවට සුරාජ් රන්දිව් සහ කුලසේකර කණ්ඩායමට එක්ව සිටිති. කුමාර් සංගක්කාර තිලකරත්න ඩිල්ෂාන්



අදහස් (0)

ඩිල්ෂාන්-සංගක්කර විශිෂ්ට සම්බන්ධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1703 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site