(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය සිදුතෙරට ඩොල්පින් වසන්තය උදාවී ඇත. මසක් පමාවී මෙවර ඩොල්පින් නැරඹුම් සමය උදාවූ බැව ඩොල්පින් යාත්‍රා කරුවෝ පවසති.
ඒ අනුව උදාවූ නොවැම්බර් මස සිට එළැඹෙන වසරේ අප්‍රේල් අග දක්වා ඩොල්පින් නැරඹුම් සමය දිව යයි.
සෞඛ්‍ය ආරක්ෂිතව හා සෞඛ්‍ය මාර්ගෝපදේශනයට අනුකූලව ඩොල්පින් නැරඹුම් සේවා ක්‍රියාත්මක කරයි.
එක් කුඩා යාත්‍රාවක ගමන් ගත හැක්කේ යාත්‍රා ක්‍රියාකරු සහ සහායකයාට අමතරව හය දෙනෙකි.
ජීවිත ආරක්ෂක කබා පැළදීම අනිවාර්‍ය වේ.සෑම ගමන් වාරයකටම පෙර හා පසු යාත්‍රාව විශ බීජ හරණයට භාජනය කළ යුතුය.අසනීපයෙන් පෙලෙන අය සංචාරයට සහභාගී නොවීමට වග බලා ගන්නා ලෙසට ද යාත්‍රාකරුවන් සිහිපත් කර සිටිති.
වණජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක මංජුල මොරතැන්න මහතා ප්‍රකාශ කළේ ඩොල්පින් නැරඹීමේ දී,ඔවුන්ගේ ස්වාභාවික ක්‍රියාවන්ට බාධා නොවන අයුරින් නැරඹිය යුතු බව ය. ඩොල්පින් මසුන් නැරඹීමේ දී මීටර 50 ක දුරක් සිට නැරඹිය යුතු ය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඩොල්පින් වසන්තය ඇරැඹෙයි
sharm warn Wednesday, 17 November 2021 01:19 PM
හරිම සුන්දර දසුනක්. ඔවුන් නරඹන්න යන්න නොයිවිසිල්ලෙන් ඉන්නේ.
ජයරත්න වික්‍රමාරච්චි Wednesday, 17 November 2021 02:37 PM
නියමයි.