IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඩිලාන් ගැන අජිත් පෙරේරාට දුකයි

අගමැතිවරයාට හා එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුට බව කියමින් හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවකට රැුගෙන ආ වස බෝතල් පහ අගෝස්තු 18 වැනිදාට ලැබෙන මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පසු  භාවිතා කිරීමට එතුමාට නොසිතේවා යැයි ප‍්‍රාර්ථනා කරන බව විදේශ  නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.  

කෙසේ වෙතත් එම වස බෝතල් 17 වැනිදා උදේ වන විටවත් කබඩයක දමා අගුල් දා එහි යතුර බිරිද අතට   දෙන්නැයි පෙරේරා මහතාගෙන් තමා ඉල්ලා සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

එසේ කිරීමෙන් ඔහුගේ ජීවිතය බේරෙතියි ද ඔහු කීවේය.

‘ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු  ලෙස හෝ එතුමා  පාර්ලිමේන්තුවේ දී දකින්න අපි කැමතියි’ කී නියෝජ්‍ය අමාත්‍යවරයා එහෙත් එතුමාට ජාතික ලැයිස්තුවෙන්වත් අවස්ථාව ලැබේද යන්න සැක සහිත යැයි කියා සිටියේය.

වසර 20ක් පමණ දේශපාලනය කළ අය ජාතික ලැයිස්තුවෙන් ඉල්ලන්නේ දිනන්න බෑ කියා සිතුනාම යැයි කී   පෙරේරා මහතා ජනතාව අතරට ගොස් ඡන්දය ඉල්ලන්නත් බැරි තත්ත්වයක්  පෙරේරා මහතාට ඇතිවීම ගැන කනගාටු වන බව ද කීවේය.



අදහස් (0)

ඩිලාන් ගැන අජිත් පෙරේරාට දුකයි

නිශේන් Wednesday, 05 August 2015 05:48 PM

අපිටත් හරිම දුකයි (නි)

:       0       0

ඉන්දික Thursday, 06 August 2015 05:49 AM

ඇපත් නැතුව ගෙදර යවන හැටි අපි දන්නවා (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 05 August 2015 07:25 PM

ඔන්න ඔය වස බෝතල් ටික දැනට අවුරුද්දකට පෙර පෙවියයුතු අයට පෙවුවා නම් අද ඔයගොල්ලන්ට ඔච්චර දඟලන්න වෙන්නේ නැහැ (නි)

:       0       0

දුමින්ද Wednesday, 05 August 2015 01:10 PM

වස කතාව සමහරුන්ට විස වෙලාවද්ද? (නි)

:       0       0

සේන Wednesday, 05 August 2015 01:22 PM

මේක එච්චර ආරක්ෂාකාරී පියවරක් කියලා මම නම් හිතන්නේ නැහැ. (බ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 05 August 2015 01:36 PM

බලපෑම් නිසා කලකිරුණු රුපවාහිනි චැනල් එකක සභාපති කෙනෙක් ඉල්ලා අස්වෙනවා කියල දිලාන් මහත්තය කිව්වනේ. දැන් මොකද කියන්නේ? එතුමාට එහෙම බලපෑමක් නැත්තම් එතුමා දේශපාලන රැස්වීම් වලට නගීද? (බ)

:       0       0

ජගත් Wednesday, 05 August 2015 01:38 PM

තමුන්ට වහ පොවන්න එන අයටත් කරුණාවන්ත වීම. උගත්කමේ වෙනස (බ)

:       0       0

පරාක්‍රම අමරතුංග Wednesday, 05 August 2015 02:12 PM

ඇත්තක් කීවත් බොරුවක් කීවත් පස්ස දොර ඇරිලා තිබෙන නිසා පාර්ලිමේන්තුවට යන්න හැකියි (බ)

:       0       0

විජයබාහු Wednesday, 05 August 2015 02:39 PM

ජගත් කිව්වේ සෝබිත හාමුදුරුවෝ ගැනද (බ)

:       0       0

ජනක Wednesday, 05 August 2015 02:48 PM

බොරුවට කෑගහන්න එපා ඔය දින 100 ට අනවසර ගොඩකිරීමක් කරලා ඉන්ධන පිරවුමකුත් දාල නේද යහපාලනය කියා කෑ ගහන්නේ (බ)

:       0       0

පුබුදු Thursday, 06 August 2015 04:37 AM

ඔක්කොම එකතුවෙලා අපිව අන්දවනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site