IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඩර්බන් වීරයා, හේරත් ඉහළ නඟිද්දී සංගක්කාර මුල්තැන තහවුරුකරගනී

ඩර්බන් ටෙස්ට් තරගයේ වීරයා, රංගන හේරත්, සිය වසර 13 ක ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීමේ ස්ථානයට ලගා වී සිටී. ඩර්බන් තරගයේදී දැක්වූ දස්කම් වලින් අනතුරුව, ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත ලයිස්තුවේ ස්ථාන හයක් ඉදිරියට පනිමින්, ටෙස්ට් පන්දු යවන්නන් අතර හත්වැනි ස්ථානය ලබාගැනීමට රංගන හේරත් සමත්ව සිටී. රංගන හේරත්ගේ විශිෂ්ට පන්දු යැවීම නිසා ඩර්බන් තරගයේ දිනයක් ඉතිරිව තිබියදීම, ලකුණු 208 ක පහසු ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. මෙය ශී‍්‍ර ලංකා කණ්ඩායමක් මාස 17 කට පසුව ලබාගත් ටෙස්ට් ජයක් වන අතර දකුණු අපි‍්‍රකාවේදී ලබාගත් පළමුවැනි ටෙස්ට් ජයග‍්‍රහණය ලෙසද වාර්තා පොතට එක්වෙයි. ටෙස්ට් පන්දු යවන්නන් අතර හේරත්ගේ ඉහළ නැගීම වඩාත් වැදගත් වන්නේ පසුගිය වසර මැදදී මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව ලෝකයේ හොඳම ටෙස්ට් පන්දු යවන්නන් 10 දෙනා අතරට එක්වූ පළමුවැනි ශී‍්‍ර ලාංකිකයා රංගන හේරත් වීමයි. ඉතා අඩුවෙන් කතාබහ කරන, තැන්පත් කී‍්‍රඩකයකු ලෙසින් ගැනෙන ඩර්බන් වීරයා තරගය අවසන් වීමෙන් පසුව සිය දස්කම් ගැන කීවේ ”මට නම් මේක හිතාගන්නවත් බෑ, මේක ඓතිහාසික අවස්ථාවක්” යන්න පමණි. ටෙස්ට් පිටියේදී තුන් ඉරියව් කී‍්‍රඩකයකු ලෙස නොසැලකෙන නමුත් ටෙස්ට් පිතිකරුවන් අතරේත් 89 වැනි ස්ථානය ලබාගැනීමට සමත්ව සිටින රංගන ඉදිරි පෙළ පිතිකරුවන් අසරණ වූ බොහෝ අවස්ථාවන්හිදී පසුපෙළ පිතිකරුවකු වශයෙන් කණ්ඩායමට ලකුණු කිහිපයක් එක්කිරීමට සමත් වූ කී‍්‍රඩකයෙකි. මේ අතර වමතින් මඳ වේග පන්දු යවන කී‍්‍රඩක චානක වෙළගෙදර ද ටෙස්ට් පන්දු යවන්නන් අතරේ 29 වැනි ස්ථානය දක්වා ඉහළ නැග ඇත. ඩර්බන් තරගයේදී කඩුලූ පහක් දවාගත් වෙළගෙදර, සෙන්චූරියන්හි පැවැති පළමු ටෙස්ට් තරගයේදීත් හොඳ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලූ 3 ක් දවාගත්තේය. අන්තර්ජාතික ටෙස්ට් කී‍්‍රඩකන් ශ්‍රේණිගත කිරීමේදී පිතිකරුවන්ට වඩා පන්දු යවන්නන් ඉහළට පැමිණීම ජයග‍්‍රහණයට පෙරමග සාදන්නකි. ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම අනුව මේ වන විට අංක 1 ස්ථානය හිමිකරගෙන සිටින එංගලන්ත පිලේ පන්දු යවන්නෝ තිදෙනෙක් ලොව හොඳම පන්දු යවන්නන් පස් දෙනා අතර සිටිති. දශකයකට වැඩි කලක් ශී‍්‍ර ලංකා පිලේ සිටින, කණ්ඩායමේ පළපුරුදුම පන්දු යවන්නාද වන,  දිල්හාර ප‍්‍රනාන්දු පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අතරේ 38 වැනි ස්ථානය ලබා සිටී. තුන් ඉරියව් කී‍්‍රඩකයකු ලෙස සලකනු ලැබුවද, ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පන්දු යවනන් අතරේ 91 වැනි ස්ථානය දක්වා පහළ වැටී සිටී. සෙන්චූරියන් තරගයේදී වැඩිපුර ලකුණු ලබා නොගත් නමුත්, ඩර්බන් තරගයේ දෙවැනි ඉනිමේදී සටන්කාමී ශතකයක් ලබාගත් කුමාර් සංගක්කාර, ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර පළමු ස්ථානය තවදුරටත් රැකගැනීමට සමත් විය. ඒ සඳහා ඔහුට සිටි ආසන්නතම තරගකරුවා වූ දකුණු අපි‍්‍රකාවේ ජැක් කලිස්, ඉනිම දෙකේදීම ලකුණු නොලබා දැවී යමින්, තරග 149 ක ටෙස්ට් දිවියේ පළමු වරට ‘බෝතල්අඩි කණ්ණාඩි කුට්ටම’ පැළඳ ගත්තේය. ඩර්බන් තරගයේදී අසාර්ථක වීමත් සමගම ප‍්‍රසාද ලකුණු 50 කට වැඩි ප‍්‍රමාණයක් අහිමි කරගත් කලිස්, ටෙස්ට් පිතිකරුවන් අතර සිවුවැනි ස්ථානය දක්වා පල්ලම් බැස්සේය. සංගක්කාරගේ ශතකය වාර්තා වූයේ පළමු ඉනිමේදී ලකුණු නොලබා දැවී යාමෙන් අනතුරුවය. පළමු ඉනිමේදී ලකුණු නොලබා දැවීගොස්, දෙවැනි ඉනිමේදී ශතකයක් ලබාගත් පිතිකරුවන් අතර අටවැනි ශී‍්‍ර ලාංකිකයා වන්නේද සංගක්කාරය. කිසිදු සාධාරණ හේතුවකින් තොරව, පාකිස්තානු සංචාරයෙන් කපා දැමූ තිලාන් සමරවීර, ඩර්බන් තරගයේදී ලබාගත් ශතකයත් සමගින් ටෙස්ට් පිතිකරුවන් අතර 13 වැනි ස්ථානය දක්වා නැවතත් ඉදිරියට පැමිණ සිටී. සිය මංගල ටෙස්ට් තරගයේදීම අගනා අර්ධ ශතක දෙකක් ලබාගත් දිනේෂ් චන්දිමාල්, එකම තරගයකින් ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර 54 වැනි ස්ථානය දිනාගැනීමට සමත්ව සිටී. අංක 3 හෝ අංක 4 යන ස්ථානවල කී‍්‍රඩා කළ හැකි, දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන චන්දිමාල්, සිය මංගල ටෙස්ට් තරගයට කී‍්‍රඩා කළේ කඩුලූ රකින්නාගේ භූමිකාවටද උර දෙමිනි. ටෙස්ට් වරම් ලැබීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකාවෙන් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම අංක 3 පිතිකරුවන් දෙදෙනා වන අසංක ගුරුසිංහ සහ කුමාර් සංගක්කාර යන දෙදෙනාද, සිය මංගල ටෙස්ට් තරගයට කී‍්‍රඩා කළේ කඩුලූ රකින්නන් ලෙසින් වීමද විශේෂත්වයකි. මහේල ජයවර්ධන ටෙස්ට් පිතිකරුවන් අතරේ 25 වැනි ස්ථානය දක්වා පහත වැටී සිටියදී 33 වැනි ස්ථානයේ සිටින තිලකරත්න ඩිල්ෂාන් ලකුණු සොයමින් වෙහෙසෙයි. ඇන්ජලෝ මැතිව්ස් 37 වැනි ස්ථානයේ සිටිමින් ගිළිහෙන කීර්තිය රැකගැනීමේ උත්සාහයක නිරතව සිටී. තරග තුනකින් සමන්විත ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා ටෙස්ට් තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය හෙට (3 වැනිදා), කේප් ටවුන් නුවර, නිව්ලන්ඞ්ස් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.



අදහස් (0)

ඩර්බන් වීරයා, හේරත් ඉහළ නඟිද්දී සංගක්කාර මුල්තැන තහවුරුකරගනී

කැලුම් Monday, 02 January 2012 07:20 PM

බැලුන් වතුර යට යවන්න බැහැ

:       0       0

චානුක Monday, 02 January 2012 09:20 PM

ඇත්තටම හොදයි, මම සුබ පතනවා ශ්‍රී ලංකන් කණ්ඩායමට

:       0       0

ඉසුරු Monday, 02 January 2012 10:43 PM

අයෙත් නැගිටිමු ශ්‍රී ලංකා

:       0       0

අසංක Tuesday, 03 January 2012 08:07 AM

අපේ කොල්ලො ජය හැමදාමත්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site