IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඩෙරික් ද සිල්වා මියයයි

මෙරට කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියකු වූ හා ”ක‍්‍රිස්ටල් සෙට්” සංගීත කණ්ඩායමේ නායක ඩෙරික් ද සිල්වා මහතා (70) 16 වැනිදා අභාවප‍්‍රාප්ත විය. ඔහු සිවු දරු පියෙකි. බිරිඳ ප‍්‍රින්සි මියගොසිනි. ඔහු පනස් වසරකට අධික කාලයක් පුරා මෙරට සංගීත ක්‍ෂේත‍්‍රය ඔපවත් කළේය. හැටේ දශකයේ බිහිවූ ලොස් ෆ්්ලැචෙන්ගෝස් සංගීත කණ්ඩායමේ සාමාජිකයකුව සිටියදී එළිදැක් වූ ”කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි” යන ගීතයට ගායනයෙන් සහාය දැක්වූ ඩෙරික් ”ඡයාමායා පෑ සිනා” සහ ”මුදු සිනා සඳේ” ගීත දෙක ගායනා කර ඇත්තේ රුක්මනී දේවිය සමගය. ”වරදට දඬුවම්”, ”කොළොම්පුර්”, ”ඔන්න බබෝ” යන චිත‍්‍රපටවල ස්පාඤ්ඤ භාෂාවෙන් ගීත තුනක් ගායනා කර ඇත. ඩෙරික් ද සිල්වා චිත‍්‍රපට නැටුම් අධ්‍යක්‍ෂවරයෙක් ද වෙයි. දේහය කඩුවෙල, කොතලාවල, ගැමුණුපුර, අංක 18 සී, දරන නිවෙසෙහි තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු 19 වැනිදා සවස 4.00ට කොතලාවල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.



අදහස් (0)

ඩෙරික් ද සිල්වා මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site