(ඉන්දිකා රාමනායක)
කඩවත පැවැති සංගීත ප්‍රසංගයක ආරක්ෂාවට යොදවා සිටී ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතින් පයින් පහර දී තුවාල සිදු කර ඇගේ ජංගම දුරකථනය සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහබාගේ පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් සැකකාර පොලිස් කොස්තාපල්වරයා වැඩතහනමකට ලක්කර බව ද පොලිසිය කියයි
මහබාගේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි මෙම පොලිස් කොස්තාපල් ඉකුත් 25 දින රාත්‍රී රාජකාරියට වාර්තා කර නාමලේඛනය පෙනී සිටිමින් පසුව කිසිවකුටත් නොදන්වා සාමාන්‍ය ඇඳුමෙන් සැරසී කඩවත ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් බැලීමට ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
එහිදී සංගීත ප්‍රසංගයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිල ඇඳුමෙන් සිටි බියගම පොලීසියට ආධුනික පොලිස් කොස්තාපල් කොස්තාපල්වරියක් සමග බහින්බස් වී ඇයට අතින් පයින් පහරදී තුවාල සිදුකර ඇගේ ජංගම දුරකථනය පැහැර ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්තාපල්වරිය කළ පැමිණිල්ලකට අනුව කැලණිය පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩබ්ලිව්.පී.සීට පහර දුන් පී.සීට වැඩ වරදි