(ටී.කේ.ජී.කපිල)
ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළිත් කාර්මික දෝශයකට ලක් වීම නිසා පැයකට අධික ගුවන් ගමනකින් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (21) රාත්‍රී පැමිණ තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානය ඊයේ දින සවස 06.27ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.
ඒ.- 330 එයා බස් වර්ගයේ මෙම ගුවන් යානය තුළ මගීන් 256 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 14 දෙනෙකු සිට තිබේ.
මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන් ගත වී පැය 01 විනාඩි 06 කට පසු , ගුවන් යානය තුළ වායු පීඩනය අඩු වීම නිසා යළිත් ආපසු හරවා කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ දින රාත්‍රී 07.33 ට ගොඩ බස්වා තිබේ .
ඉන්පසුව එම ගුවන් යානයේ සිටි ගුවන් මගීන් , ගුවන් තොටුපළ අසළ ඇති හෝටල් වෙත යොමු කර තිබේ .
මෙම ගුවන් යානය මේ වනවිට අවශ්‍ය කාර්මික නඩත්තු කටයුතු සිදු කරමින් ශ්‍රී ලන්කන් ඉංජිනේරුවරුන් පිරිසක් අලුත්වැඩියා කරමින් සිටිති .
මෙම ගුවන් යානය වෙනුවට , ඒ.- 330 එයා බස් වර්ගයේ වෙනත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යොදවා මෙම මගීන් පිරිස අද (22) දින පෙ.ව 11.33 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළි කාර්මික දෝශයකට ලක් වෙයි
අමා Saturday, 22 April 2023 02:00 PM
දුම්රියට තියන ලෙඩේ, දැන් දැන් මේකට බෝවෙලා. තව ටික දවසකින් නැව්වලට බෝවෙයි. සහෝදරයෝ ඉන්නවානේ...
අප්පුහාමි.... Saturday, 22 April 2023 02:47 PM
ජීවිත බිල්ලට නොදී ශ්‍රී ලන්කන් ගැන තීරණයක් ගැනීම කඩිනමින් කළ යුතුව ඇත. මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවය විදේශ සමාගමකට ලබාදීම උචිතය.
පිටිගල මිලානෝ Saturday, 22 April 2023 04:46 PM
නිතර නිතර ප්ලේන් බ්‍රේක්ඩවුන් වෙනවා කියන්නේ අදාල කොටස් වල සර්විස් එක අවම නියමිත කාලයේ නොකර උපරිම කාලය දක්වා කල්මැරීමයි. මීට හේතුව මුදල් නැතිකම නිසාම අමතර කොටස් වැඩිකලක් පවත්වා ගැනීමයි. මෙය මාරාන්තික සෙල්ලමකි.
Jagath Wickramasekara Saturday, 22 April 2023 08:32 PM
ජෙප්පන්ගේ වැඩ...!
PereraSunday, 23 April 2023 01:11 AM
ඔව් ඔව් අරගලකාරයෝ තමයි ඕකටත් වගකියන්න ඕනි.