(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)
සිය ධනය වංචනික අයුරින් ප්‍රකාශයට පත් කිරීමට වරදකරු බව තීරණය කළ නිව් යෝර්ක් අධිකරණ විනිසුරු විනිසුරු ආතර් එෆ් එන්ගොරොන් ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 354.9 ක දඩයක් සහ ඒ සඳහා පොලියක් ගෙවීමට නියම කළේය.
එසේම වසර තුනක් යනතුරු කිසිඳු නිව් යෝර්ක් සමාගමක ඉහළ තනතුරක් දැරීමද නිව් යෝර්ක් අධිකරණය ඩොනල්ඩ් ට්‍රම්ප්ට තහනම් කළේය.ට්‍රම්ප්ගේ වැඩිමහල් පුතුන් දෙදෙනාටද කිසිඳු නිව් යෝර්ක් සමාගමක ඉහළ තනතුරක් දැරීම වසර දෙකක් යනතුරු තහනම් කර ඇති අතර ඔවුන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 4 බැගින් දඩයක් නියම කර ඇත.
මෙම නියෝගයත් සමඟ ට්‍රම්ප්ගේ ව්‍යාපාරවල පාලනය පවුලෙන් ගිලිහීමේ අවදානමක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නිව් යෝර්ක් නීතිපති විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය ධනය පිළිබඳ ලබා දී තිබූ ප්‍රකාශ අභියෝගයට ලක් කරමින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබූ අතර වසර ගණනාවක් ජූරි සභාවක් නොමැතිව මෙම නඩුව විභාග විය.
ඇමෙරිකානු ඩොලර් මිලියන 355 ට පොළිය එකතු වූ විට මිලියන 455 පසුවන බව ලෙටීෂියා ජේම්ස් ප්‍රකාශ කළාය .
මෙම නඩු තීන්දුව ට්‍රම්ප්ගේ රාජධානියේ භූමි කම්පාවක් ඇති කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.නමුත් මෙම නඩු තීන්දුවෙන් ට්‍රම්ප් බංකොලොත්භාවයට පත් නොවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ගොනු කිරීමේ හැකියාව තිබුනත් දින 30 ක් ඇතුළත දඩය ගෙවීමට හෝ බැඳුම්කරයක් ඉදිරිපත් කිරීමට ට්‍රම්ප්ට සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලොකු දඩයක්
Isuru Chathuranga Saturday, 17 February 2024 12:40 PM
දන්න අයට කියලා මොකුත් ශේප් එකක් දාගන්නේ නැතුව ගෙවයිද දන්නෑ ඒ දඩේ