IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඩෙනිම් ඇන්දත් පොලිසියට හොරේ අහුවෙයි

මහරගම නාවින්න ක්‍රීඩාංගණයේ සංගීත සංදර්ශනයකි. බොහෝ ‍දෙනෙක් එහි ආහ. ඩෙනිම් කලිසම් හා ෂර්ට් ඇඳ පැමිණි පස් දෙනෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් ළඟ ත්‍රෛලෝක පත්‍ර තිබුණාලු.

පස් දෙනාම කොට්ටාව පැත්තේ අයලු. ඔවුන් බලන්නට ආ ගරු කටයුතු පිරිසක් නිසා පොලිසියට සැකයක් ඇතිවිය. හැබෑටම කූඩුවේ ඉන්නේ හැමදාම කලිසම් අඳින පිරිසක්දැයි පොලිසියට ප්‍රශ්නයක්ලු.

පොලිසියේ සැකය හරිය. ඔවුන් ගිහිගෙට පැමිණ ඇත්තේ සංගීත සැඳෑවට යාම සඳහාලු. වෙස් මාරු කරගත් තැනද දැන් පොලිසිය දනී. ඔවුන් අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.



අදහස් (0)

ඩෙනිම් ඇන්දත් පොලිසියට හොරේ අහුවෙයි

කෝදාගොඩ Tuesday, 22 September 2015 05:12 PM

අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

සම්පත් Wednesday, 23 September 2015 06:30 AM

ඩෙනිම් ඇදීම අත්අඩංගුවට පත් වියයුතු වරදක්ද (බ)

:       0       0

තිස්ස Sunday, 27 September 2015 05:21 AM

අපේ සංඝනායක හිමිවරුන්ට පෙරට පැමිණීමට කාලයයි මේ (නි)

:       0       0

සන්තුෂ් Tuesday, 22 September 2015 01:57 AM

අතුල, දියුණු රටවල ආගම රාජ්‍ය හා දැඩිව බැඳී තිබුනා. පසුව එය නිදහස් කළා. නමුත් මේ වනවිට ආගම රාජ්‍යයෙන් නිදහස් කිරීමේ ප්‍රතිඵල ලෙස ඔවුන්ගේ රටවල ඉතා විශාල ආධ්‍යාත්මික කඩාවැටීමක් මෙන්ම තවත් දැවුණු ප්‍රශ්න වලට මුහුණපා සිටිනවා.අපිත් ඒ අමාරුවේ වැටෙන්නේ මොකටද? (නි)

:       0       0

අචිර Tuesday, 22 September 2015 02:22 AM

හැම එකකටම දියුණුයැයි කියාගන්නා රටවල් ආදේශ කරනවා. ඔය බටහිර රටවල මිනිස්සු යන්ත්‍ර සුත්‍ර වගේ වැඩ කරනවා විතරයි, කිසිම මානුෂීය ගුණයක් නැහැ. දැන් ඔවුන්ටම එම ජීවනරටාව ඇතිවෙලා බණභාවනා වලට යොමුවෙලා (නි)

:       0       0

කාංචන දසනායක Thursday, 24 September 2015 02:56 AM

තමුන්ගේ පුතාව රාජකීය විද්‍යාලයට දාගන්න ඕන වුනාම එ්කේ විදුහල්පතිගේ ගුණ අතිශයෝක්තියෙන් වර්ණනා කරමින් පත්තරවල පල කරන සුරාවෙන් තොර බොහොම වැදගත් බෝධි සත්වයෝ වගේ මාධ්‍යවේදියෝ ඉන්න රටක , එතුමාලා බොහොම ලස්සනට වර්ණනා කරපු විදුහල්පති තුමා අද විදුහලට එන අම්මලට සෙවල හලනකොට නිශ්ශබ්දව ඉන්න අය ඉන්න රටක , හාමුදුරුවරු මෙහෙම වෙනකොට අහන්න දෙයක් නැහැ (බ)

:       0       0

අකිත Saturday, 26 September 2015 04:15 PM

අධිකරණයට ඉදිරිපත් කිරීමට ඔවුන් කරඇති නීතිවිරොධී ක්‍රියාව කුමක්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 21 September 2015 09:38 AM

අනේ අපේ සඟ පරපුරට ගිය කල නේද ? (ම)

:       0       0

කෝකිලා රණසිංහ Wednesday, 23 September 2015 02:13 PM

අචිර බටහිර රටවල මිනිසුන්ගේ මානුෂික ගුණය බලන්න බටහිර රටවලට ඇවිල්ලම බලන්න , මෙහෙ ඔය ජාති බේද , ආගම් බේද , කුල මල , නැහැ වාගේම ලංකාවේ සිදුවන අපරාද රැල්ලත් නැහැ , විකෘති මනසින් බටහිර රටවල් ගැන සිතන්න එපා , මෙහෙ ආපු කෙනෙක් ආපහු තමන්ගේ රටට නොයන්නේ මෙහ මානුෂික ගුණය ලංකාවට වඩා ඉහල නිසා (අ)

:       0       0

ඉමේෂ් Monday, 21 September 2015 10:00 AM

මේ පත්තර කියවන්න අපි සංස්කෘත භාෂාවත් ඉගෙන ගන්න ඉන්න ඕනේ දැන්. (ම)

:       0       0

කැළුම් Wednesday, 23 September 2015 08:51 AM

කෝටියක් සංවර සීලය ආරක්ෂා කරන හැටි මෙහෙමද , චීවරයට මූවා වෙලා කරන වැඩ දැන් කව්රුත් දනිති .(බ)

:       0       0

දැනමුතුගේ Wednesday, 23 September 2015 04:53 AM

ඔවුන්ගේ පෘථග්ජන ස්වභාවය පිළිබද උපේක්ෂාවෙන් බලමු (බ)

:       0       0

සුදත් Tuesday, 29 September 2015 06:52 AM

ත්‍රෛලෝක පත්‍ර කියන්නේ ගංජා වලට. (බ)

:       0       0

අතුල Tuesday, 22 September 2015 07:52 AM

දියුණු රටවල පැය අට හරියටම වැඩකරන්න ඕනෑ. කයිවාරු බැහැ පත්තර බලන්න බැහැ. ඔන්න අසහනය. මාර්ග නීති කඩන්න බැහැ බීමත්ව වාහන පදවන්න බැහැ ඔන්න අසහනය. ස්ත්‍රී දුෂණ , ළමා අපචාර තියා ගැහැණු ළමයෙකුට අනවශ්‍ය විහිලුවක්වත් කරන්න බැහැ ඔන්න අසහනය. සොරකම් ගසාකෑම් අනුන්ට ගිනිගේදිදීම් බැහැ ඔන්න අසහනය. මේ කී නොකී අහහනකරීන්ට නිසි දඬුවම් ලැබෙනවා. හෝටල් වගේ හිරගෙවල් වල ලගින්නත් මේ අසහනකාරින් වාසනාවන්තයි. අපේ මිනිසුන් දියුණු රටවල දිහා බලන්නේ ඔලුවෙන් හිටගෙනයි. එකී නුහුරට පෙන්නේ. (අ)

:       0       0

දුමින්ද Monday, 21 September 2015 11:44 AM

ධර්ම සංගයානයකට කාලය වේ (අ)

:       0       0

මිලාන් Thursday, 24 September 2015 07:49 AM

අනේ බෞද්ධාගමට ගිය කලක් (ම)

:       0       0

අතුල Tuesday, 22 September 2015 12:21 AM

දියුණු රටවල මෙන් ආගම රාජ්‍ය අනුග්‍රහයෙන් නිදහස් කළයුතුයි. දියුණුවේ රහස නීතිය අකුරටම ක්‍රියාවට නැංවීමයි. මීට සමගාමීව අවම වශයෙන්වත් ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් සපුරාලියයුතුයි. අසාර්ථක ක්‍රමෝපායන් නැවත නැවත අත්හදා බලනවට වඩා දියුණු රටවල සාර්ථක ක්‍රමෝපායන් හදාරා ක්‍රියාවට නැංවීම හොඳයි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site