IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩිජිටල් මාර්ග සිතියම ජනපතිට

(අංජුල මහික වීරරත්න)

රටේ සිදුවෙමින් පවතින ඩිජිටල්කරණයට ප්‍රවේශ වීමට සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ඒ සඳහා අවශ්‍ය මූලික ඩිජිටල් යටිතල පහසුකම් පෞද්ගලික අංශය විසින්, පුද්ගලික ආයෝජන මගින් සපයා ගත යුතු අතර පුද්ගලික අංශයට ළඟා විය නොහැකි අවස්ථාවන්ට රජය මැදිහත් විය යුතු බව රජයේ මෙන්ම තමාගේද අදහස බව ජනාධිපතිවරයා සඳහන් කළේය. 

මෙම ඩිජිටල්කරණයට අවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් සපයා ගැනීමට සිදුව ඇත්තේ ආර්ථික අර්බුදය හමුවේ රජයේ සම්පත් සීමා වී ඇති පසුබිමක බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති 2023 ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයේ  (NITC - 2023)  ප්‍රධාන ආරාධිතයා  ලෙස එක් වෙමිනි. 

ශ්‍රී ලංකා පරිගණක සංගමය හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව ‘තිරසර ඩිජිටල් සමාජයක් කරා - 2030 ඩිජිටල් ආර්ථිකයක්’  යන තේමාව යටතේ සංවිධානය කළ මෙම සම්න්ත්‍රණය දින දෙකක් පුරා පැවැත්වේ.

ශ්‍රී ලංකාව 2030 වන විට පූර්ණ වශයෙන් ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය  කිරීමට අදාළව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විද්වතුන් විසින් ක්ෂේත්‍ර 6ක් ආවරණය වන පරිදි සකස් කරන ලද “ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාර්ග සිතියම සහ ප්‍රතිපත්ති රාමුව (Digital Roadmap and the policy Framework)” තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා විසින් මෙහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

එසේම මෙරට කෘෂිකර්මාන්තය නවිකරණය වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යාංශය එක්ව, කෘෂිකර්මාන්තය සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේද දාකත්වය ඇතිව  සම්පාදනය කරන ලද “වැඩිදියුණු කරන ලද ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තනය (Iintergrated Digital Agriculture Transformation)” වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. 



අදහස් (2)

ඩිජිටල් මාර්ග සිතියම ජනපතිට

Liyan Friday, 13 October 2023 01:15 PM

බොහෝ පෞද්ගලික සමාගම් සංවර්ධිත රටවල් සමඟ වැඩ කර ඇත. ඔවුන්ට සියලු දැනුම හා සම්පත් ඇත.

:       1       4

රනේ Friday, 13 October 2023 02:10 PM

පිස්සු නෙමෙයි ද මේ...? හාමදාම කරන්නෙ අළුත් ඒව... පරණ ඒවට මොනවද අනේ වුනේ... (අපි පව්)

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site