(යොහාන් භාසුර)
ඩෙංගු රෝගය හදුනාගැනීමට පාවිච්චි කරන ‘ඩෙංගු ඇන්ටිජන්’ පරීක්ෂණ ප්‍රතික්‍රීයක කට්ටල බොහෝ රජයේ රෝහල්වල නොමැති බවත් ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍ය එෆ්.බී.සී. පරීක්ෂාවට අවශ්‍ය ප්‍රතික්‍රීයක සැපයීම සමාගම් ගණනාවක් අත්හිටුවා ඇති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.
ප්‍රතික්‍රීයක සැපයීම සඳහා මුදල් ගෙවීම සෞඛ්‍ය අමාත්‍යාංශය මාස ගණනාවක් තිස්සේ පැහැර හරිමින් තිබීම හේතුවෙන් ඇතැම් සමාගම් ජාත්‍යන්තර වශයෙන්ම අසාදු ලේඛණගත කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය රසායනාගාර සේවා අංශය වෙත වෙන්කළ ප්‍රතිපාදනවලින් දෙවන සහ තෙවන කාර්තුවට අදාලව මිලියන 125 ක් පමණ ප්‍රයෝජනයට නොගැනීම හේතුවෙන් අහෝසිවී ඇති බවත් කුමුදේෂ් මහතා කීය.
ඉන්දීය ණය ආධාර යටතේ ලැබී ඇති මුදලෙන් ඩොලර් මිලියන 60 ක් පමණ මාස 6 ක් තිස්සේ ප්‍රයෝජනයට ගැනීමට නොහැකිව ඉතිරිව තිබියදී එකම රසායනාගාර ප්‍රතික්‍රීයකයක් හෝ එයින් ගෙන්වා ගැනීමට අපොහොසත්ව ඇති බව කී ඒ මහතා සෞඛ්‍ය ලේකම්වරයා මේ පිළිබදව වාර්තාවක් සපයන ලෙස නිර්දේශ කර තිබුණ ද මාස 3ක් තිස්සේ ඊට පිළිතුරක් ලැබී නොමැති බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩෙංගු රෝගීන් හදුනාගැනීමේ පරීක්ෂණ කට්ටල හිඟයක්