IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඩෙංගු රෝගීන්ගේ විශාල ඉහළ යෑමක්

(යොහාන් භාසුර)

මෙම දිනවල පවතින වර්ෂාව සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවත් මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 71,000 ක් පමණ හඳුනාගෙන ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මෙම මස පළමු දින 11 තුළ පමණක් රට පුරා විවිධ ප්‍රදේශවලින් ඩෙංගු රෝගින් 3,200 ක් පමණ වාර්තා වී ඇති බවත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩි රෝගීන් ද, කොළඹ, කළුතර, සහ යාපනය යන දිස්ත්‍රික්වලින් ද සැළකිය යුතු ඩෙංගු රෝගින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවත් එම ඒකකය කියයි.

නොවැම්බර් මාසය තුළ දී ඩෙංගු රෝගින් 5,416 ක් පමණක් හඳුනාගත් බව කී ජාතික ඩෙංගු මර්දන ඒකකය වර්ෂාව දිගටම පැවතුණ හොත් මෙම මස තුළ එම සංඛ්‍යාව ඉක්මවීමේ අවදානමක් පවතින බව ද සඳහන් කළේය. 



අදහස් (0)

ඩෙංගු රෝගීන්ගේ විශාල ඉහළ යෑමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site