IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඩෙංගු මදුරුවා වැසිකිළියටත් පනී

ඩෙංගු බෝකරන මදුරුවන් වැසිකිළි වළෙන් ද හමුවන බව ගාල්ල දිස්ත්‍රික් බරවා රෝග මර්ධන ඒකකයේ ප්‍රධානී වෛද්‍ය මුංජුල පුංචිහේවා මහතා පවසයි. ඩෙංගු මදුරුවන් බෝවූයේ පැහැදිලි ජලයේ පමණි. අපිරිසිදු ජලයේ බරවා බෝකරන මදුරුවෝ බෝ වූහ. වෛද්‍ය පුංචිහේවා මහතා පවසන්නේ ඇල්පිටිය, අහංගම සහ වැලිගම ප්‍රදේශවල කරන ලද පරීක්ෂණයකින් වැසිකිළි ව‍ළවල් වල ද ඩෙංගු මදුරුවන් බෝවන බව තහවුරු වූ බවයි. මදුරුවන් ඉතා ඉක්මණින් අනුවර්ථනය වීමේ හැකියාවකින් යුතු සත්ත්වයෙකි. වෛද්‍ය පුංචිහේවා මහතා පවසන්නේ ඩෙංගු මදුරුවා වැසිකිළි පෝච්චියේ අලවන බිත්තර ජලය සමග වළ ඇතුලට ගොස් මදුරුවන් බිහිවන්නට ඇති බවයි. මෙය මදුරුවාගේ අනුවර්තනයක් විය හැකි බව ද හෙතෙම පවසයි. වැසිකිළියේ ඩෙංගු මදුරුවා බෝවි එළියට ඒම වැළැක්විමට නම් වැසිකිළි වල හොදින් මුද්‍රා තැබීම අවශ්‍ය බව ද වෛද්‍යවරයා පෙන්වාදෙයි.



අදහස් (0)

ඩෙංගු මදුරුවා වැසිකිළියටත් පනී

ගජ මෑන් Sunday, 27 October 2013 11:39 PM

අර ඩෙංගු වලට සාර්ථක පිළියමක් සොයා ගත්ත වෛද්‍ය නෝනා කෙනෙක් ගැන ප්‍රවෘත්තියක් මම දැක්කා. ඒ නෝනට වෙදකමට රජයෙන් උදවු කළා නම් ඩෙංගු කියනකොට ඔය හැටි වෙවුලන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

නිමල් Monday, 28 October 2013 01:32 PM

වැසිකිළි වළවල් වල ඩෙංගු මදුරුවෝ බෝවෙනවා කියලා දැන්ද දන්නේ? අපි නම් කලින් ඉදලම දැනගෙන හිටියා. (නි)

:       0       0

ආරියසේන Monday, 28 October 2013 12:56 AM

මිනිස්සු කන බොන දේවල් වල තිබෙන වස විස හැම දෙයක්ම යන්නේ වැසිකිලිවලට. මම නම් හිතුවේ මොනම පන තිබෙන පර පොසිතයකුට වත් මේ වලේ ඉන්න බෑ කියල බැලින් නම් ඩෙංගු මදුරුවා වැසිකිලි වලත් වලංගුයි නේ. (අ)

:       0       0

කෝසල Monday, 28 October 2013 01:04 AM

කෝ අර කොටි ගානක් දීලා ගෙන්වපු බි ටි අයි බැක්ටිරියව (අ)

:       0       0

ජයතිලක Tuesday, 29 October 2013 01:34 PM

මේක හැම ගෙදරකටම පොදු වෙන්නත් පුළුවන් (නි)

:       0       0

කීටය Monday, 28 October 2013 08:35 AM

මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණක් වෙන්න පුළුවන්. (නි)

:       0       0

යුනුසලාවි Monday, 28 October 2013 09:48 AM

මී උණ කියලා ලෙඩක් තියෙනවාලු....එය ආසාධනය වෙන්නේ මීයන්ගෙන් කියලා කියන්නේ.....එතකොට කුඹුරට ගහන කෘමි නාශක නිසා හැදෙන රෝගය කුමක්ද? එසේම ඩෙංගු කියලා රෝගය මදුරැවන්ගෙන් හැදෙන්නේ නෑ කියලා මතයක් තියෙනවා නේද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site