IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඩග්ලස් දේවානන්දට චෙන්නායි අධිකරණයෙන් සිතාසි

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද ඇතුළු සාක්ෂිකරුවන් අට දෙනකුට ලබන ජනවාරි 18 වැනිදා දින චෙන්නායි අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.

දේවානන්ද ඇතුළු ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ සාමාජිකයන් 1986 වසරේදී දිපවාලී උත්සවයක් අතරතුර චෙන්නායි වැසියන්ට වෙඩි තබා ඇතැයි චෙන්නායි පොලිසිය ප‍්‍රකාශ කරයි. සැකකරුවන් සියලූ දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණ භාරයේ රඳවා ගෙන සිටි අතර ඇප මත නිදහස් කිරීමෙන් අනතුරුව ඔවුන් පැනගොස් ඇතැයි ද චෙන්නායි පොලිසිය ප‍්‍රකාශ කර සිටියි.

නඩු විභාගය දෙකට බෙදා ඩග්ලස් දේවානන්ද මන්තී‍්‍රවරායට වෙනම නඩු විභාගයක් ද දැනට අතුරුදන්ව සිටින සැකකරුවන්ට වෙනම නඩු විභාගයක් ද පවත්වන්නැයි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා ඇත. මන්තී‍්‍රවරයා මෙම නඩු විභාගයේ තෙවැනි සැකකරු වෙයි. 



අදහස් (0)

ඩග්ලස් දේවානන්දට චෙන්නායි අධිකරණයෙන් සිතාසි

රකිත් Thursday, 17 December 2015 02:50 AM

ඉන්දියානු රජයෙන් ලිඛිත ඉල්ලීමක් කළොත් අපට නොසළකා හැරිය නොහැක. (නි)

:       0       0

කර්තිනි Thursday, 17 December 2015 03:01 AM

නිල්මිණි සේපාල එකනයකට දඬුවම් දුන්නේ ලංකාවේ නීති රාමුව ඇතුලේ මිසක් ඉතාලි නීති රාමුවෙන් නොවේ! නිහාල් ඔයාගේ කතාව හරි ! දේවානන්ද ඉන්දියා පුරවැසියෙක්ද? නැත්නම් ලාංකිකයෙක් ද? (ම)

:       0       0

උදය Thursday, 17 December 2015 03:21 AM

රටකට ගිහිල්ලා එරට නීතිය අනුව වරදක් කළොත් එරට උසාවියකින් නඩු අසන්න පුළුවන්. අරාබියේදී නඩු දමා දඩුවන් දුන්නු අවස්ථා සමහරුන්ට මතක නැතිවා වගෙයි. (ම)

:       0       0

නිමල් Thursday, 17 December 2015 03:46 AM

ඇයි එහෙනම් චෙන්නායි වලදී අපේ හාමුදුරුවන්ටත් ගැහුවේ වීඩියෝ ත් තියෙන්නේ එහෙනම් අල්ලාගෙන වරෙල්ල. (බ)

:       0       0

සොපි Friday, 18 December 2015 12:07 PM

ඒ පාර මොකාටද එන්න හදන්නේ ..? (ර)

:       0       0

නාමල් නිව්යෝක් Thursday, 17 December 2015 04:29 AM

කාර්තිනි නීතිය ඉගෙනගෙන එන්න.. මොහු වරද කරලා තියෙන්නේ ඉන්දියාවේ චෙන්නායි වලනම් නඩුව වැටෙන්නේ ඒ රටේ.. දැන් සුද්දෙක් අපේ රටේ වරදක් කළොත් අපි ගිහිල්ලා එංගලන්තයේ නඩු දාන්නෙ නෑ.. අන්න ඒ වගේ..(බ)

:       0       0

ෆාරා Wednesday, 16 December 2015 04:14 PM

බම්බු ගහන්න කියන්න, එහෙනම් ජයලලිතාට අපි සිතාසි කියක් යවන්න ඕනද (බ)

:       0       0

කාර්තිනි Wednesday, 16 December 2015 04:23 PM

අපේ රටේ ඉන්න කිසිම කෙනෙකු ඉන්දියාවට නඩු වලට බාර දිය යුතු නැහැ. ඉන්දියවට පුළුවනි අපේ උසාවියකට ඇවිත් නඩුවක් ගොනු කරන්න !! (බ)

:       0       0

සමන් Wednesday, 16 December 2015 05:15 PM

හෙට අනිද්දා ඇවිල්ලා අත්අඩංගුවට ගන්න බැරිකමකුත් නැහැ. ළඟදීම පාලමත් හදලා ගිවිසුමත් ක්‍රියාත්මක වෙනකොට අපිත් ඉන්දියාවේ ප්‍රාන්තයක් තමයි ඉතින් (නි)

:       0       0

අසංග Thursday, 17 December 2015 05:44 AM

නිතිය කාටත් පොදු වුණාට රටකින් රටකට බලපෑම් කරන නීතියක් කොහෙද තියෙන්නේ. රටකට ස්වෛරී බාවයක් තියෙනවා. (ම)

:       0       0

මොහොමඩ් Wednesday, 16 December 2015 07:32 PM

නීතියට සැවොම යටයි (නි)

:       0       0

චමත් Wednesday, 16 December 2015 07:41 PM

නීතියට එරෙහිව යන්නන්ට දඬුවම් දියයුතුයි (නි)

:       0       0

නිහාල් Wednesday, 16 December 2015 09:07 PM

මම මෙය දැනගන්නයි අහන්නේ. දේවානන්ද ඉන්දියානු පුරවැසියෙක්ද?

:       0       0

නිල්මිණි Thursday, 17 December 2015 12:28 AM

එතකොට ඉන්දියන් කෙනෙක් ලංකාවට ඇවිල්ලා මෙහෙම දෙයක් කරලා ඉන්දියාවට පැනලා ගිහින් නම් එතකොට කාර්තිනි කියන විදියටම කරන්න ඕනෑද? ඉන්දියාවට ගිහින් ලංකාවේ අය ඉන්දියානු උසාවියකට නඩු දාන්න ඕනෑද? (නි)

:       0       0

කර්තිනි Thursday, 17 December 2015 02:03 AM

නිල්මිණි, ඔයා මොනවද දන්නේ? අපේ නීති පද්ධතිය හොඳටම ඇති වරදකරුවන්ට දඬුවම් දෙන්න. ලාංකිකයෙකු ඉන්දිංයන් අධිකරණයට යා යුතු නැහැ (නි)

:       0       0

නිල්මිණි Thursday, 17 December 2015 02:16 AM

මම මොකුත් දන්නේ නැහැ අනේ. නිකම් කටට ආවට කිවුවේ. සමාවෙන්න කාර්තිනී. (නි)

:       0       0

කරුණාරත්න Thursday, 17 December 2015 02:29 AM

කවුරු කොහොම මෙතන අදහස් දැක්වුවත් නීතිය කාටත් පොදුයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 17 December 2015 02:24 AM

මේවා දකිනකොට මටත් හරි ආසයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site