කුලියාපිටිය සරනාත් මහා විද්‍යාලයේදී පැවති 44 වැනි ටී. බී. ජයා බොක්සිං තරගාවලියේ ශූරතාව දිනාගැනීමටලකුණු 27 ලබාගත් ගන්තලාව මහ විද්‍යාලය සමත්විය. එහි අනුශූරතාවය හිමිවූයේ ලකුණු 24 ක් ලබාගත් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයටයි.
මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ එස්. චන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන ලබාගනිද්දී, දක්ෂතම පරාජිතයා ලෙස කුලියාපිටිය සරනාත් මහා විද්‍යාලයේ එච්. ඒ. එස්. සුමුදුරංග සම්මාන ලැබීය.
දිවයින පුරා පාසල් 48 ක් නියෝජනය කරමින් කී‍්‍රඩකයෝ 219 ක් මෙම තරගාවලියට සහභාගී වූහ. එය පසුගිය වසර වලට වඩා වැඩි සහභාගීත්වයක් බව ශී‍්‍ර ලංකා බොක්සිං සංගමයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
තරග ප‍්‍රතිඵල
අවුරුදු 13-14 වයස් කාණ්ඩය (කි. ග‍්‍රෑ. 43-45 බර පංතිය)
- ආර්. බී. සඳරුවන් (හොරණ ශ්‍රී මේධංකර මහා විදුහල) විසින් එම්. එස්. විතාරණ (කඩුගන්නාව ජාතික පාසල) පරාජය කරන ලදී.
- කේ. ඒ. සංජීව (හොරණ ශ්‍රී මේධංකර මහා විදුහල) විසින් එච්. ඒ. එෆ්. ෂෙහාන් (හොරණ විද්‍යාරතන විදුහල) පරාජය කරන ලදී.
- ටී. අයි. සඳුන් (හොරණ ශ්‍රී මේධංකර මහා විදුහල) විසින් බී. ආර්. රාජපක්ෂ (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදී.
- ජේ. ඒ. වී. කවීෂ (හොරණ විද්‍යාරතන විදුහල) විසින් කේ. වී. එරන්ද (ඉංගිරිය ගාමිණි මැදි විදුහල) පරාජය කරන ලදී.
- පී. සී. ධනංජය (හොරණ ශ්‍රී මේධංකර මහා විදුහල) විසින් ටී. ජේ. ඞී. ප‍්‍රනාන්දු (පිළිමතලාව මැදි විදුහල) පරාජය කරන ලදී.
- එස්. ජී. බණ්ඩාර (පිළිමතලාව මැදි විදුහල) විසින් පී. ඒ. ආර්. ප‍්‍රසන්න (ඉංගිරිය ගාමිණි මැදි විදුහල) පරාජය කරන ලදී.
අවුරුදු 15-16 වයස් කාණ්ඩය (කි. ග‍්‍රෑ. 50-52 බර පංතිය)
- ඩබ්. කේ. එස්. විතාන (පන්නල ජාතික පාසල) විසින් එම්. එච්. එම්. හම්සා ජාමි (අල් අසී අධ්‍යාපන ආයතනය) පරාජය කරන ලදී.
- කේ. ජී. කුමාරසිංහ (පන්නල ජාතික පාසල) විසින් එම්. පී. කේ. චානක (වෙන්ද්‍රසම්පුරම් විදුහල) පරාජය කරන ලදී.
- එච්. ඞී. සිල්වා (පන්නල ජාතික පාසල) විසින් කේ. එන්. එම්. අමරසිරි (වික‍්‍රමශිලා ජාතික පාසල) පරාජය කරන ලදී.
- ඊ. ඩබ්. එස්. අංජුල (ගන්තලාව මහ විද්‍යාලය) විසින් ආර්. එම්. එල්. රත්නායක (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදී.
අවුරුදු 17-18 වයස් කාණ්ඩය (කි. ග‍්‍රෑ. 60-64 බර පංතිය)
- එස්. ආර්. හෙට්ටිආරච්චි (මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල) විසින් එම්. එම්. සියාඞ් (මහනුවර ති‍්‍රත්ව විදුහල) පරාජය කරන ලදී.
- එස්. එම්. සමරනායක (ගන්තලාව මහ විද්‍යාලය) විසින් ඒ. එම්. අතාවුද (මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල) පරාජය කරන ලදී.
- ඞී. පී. මාරසිංහ (පිළිමතලාව මැදි විදුහල) විසින් කේ. ටී. මදුශංඛ (ගන්තලාව මහ විද්‍යාලය) පරාජය කරන ලදී.
- ඞී. එම්. ඒ. රොමේෂ් (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් එච්. ඒ. එස්. සුමුදුරංග (කුලියාපිටිය සරනාත් මහා විද්‍යාලය) පරාජය කරන ලදි.
- එස්. එච්. වික‍්‍රමගේ (ශාන්ත ජෝන් විදුහල) විසින් ජේ. පී. ජයසිංහ (ගන්තලාව මහ විද්‍යාලය) පරාජය කරන ලදී.
(*)
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටී. බී. ජයා බොක්සිං ශූරතාව ගන්තලාව මහ විදුහලට
විකුම් Sunday, 23 June 2013 08:12 PM
එල එල (අ)
විමුක්ති Wednesday, 26 June 2013 03:55 PM
සුභපතනවා
ුසසාර Monday, 24 June 2013 01:20 PM
අපේ සීවලියේ අභිමානය නැති කලේ කව්ද?(නදී)
ගයන් Tuesday, 25 June 2013 08:32 AM
කෝ සීවලිය? ඉස්සෙල්ලා හැමදාම දින්නේ අපි. දැන් මක්වෙලාද ? (නි)
චානක Tuesday, 25 June 2013 01:23 PM
ඔහොම යමු මේදංකර මල්ලිලාආආආ (නි)
විජේසුන්දර Monday, 24 June 2013 03:08 PM
මේ ක්‍රීඩාවේ පරාජය වෙන්නේ ලස්සනට ක්‍රීඩාකරන ක්‍රීඩකයෝ. (ස)
මංගලනාත් Monday, 24 June 2013 10:18 PM
එල එල, ඔහොම යන්.(නදී)