IMG-LOGO

ටිල්වින් - චීන විදේශ ඇමති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුලු නියෝජිතයෝ චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී චීනයේ විදේශ ඇමති ලියූ ජින්තාවෝ ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡාවක නිතර වූහ.

ජනතා විමුක්ති පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය කිසිවෙකුටත් පළුදු කළ නොහැකි බවත් එම මිත්‍රත්වය පළුදු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවත් චීනයේ විදේශ ඇමති ලියූ ජින්තාවෝ එහිදී අවධාරණය කළේය.

රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම විටෙක සහාය ලබාදීමට චීනය සූදානම් බවත් කිසිදු රටක ස්වෛරීභාවයට හානි වන අකාරයේ ක්‍රියාමාර්ගවලට චීනය සූදානම් නැති බවද විදේශ ඇමති ලියූ ජින්තාවෝ සඳහන් කර සිටියේය.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහති සඳහන් කළේ චීනය සහ ලංකාව අතරත් ජනතා විමුක්ති පෙරමුණ සහ චී‍න කොමියුනිස්ට් පක්ෂය අතරත් පවතින මිත්‍රත්වය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ  සංචාරයේදී තව දුරටත් වර්ධනය වූ බවයි.



අදහස් (2)

ටිල්වින් - චීන විදේශ ඇමති හමුවෙයි

don Wednesday, 18 June 2025 02:10 PM

එහෙම නම් දැන් ඉස්සරටත් වඩා චීන්නු සහ චීන ආයෝජන අපිට බලාගන්න පුළුවන් වෙයි. මහින්දගේ කාලේ කරද්දී තමයි මොවුන්ගේ පස්සවල් මූට්ටු වෙලා කෑ ගහ ගහ හිටියේ...

:       1       2

ඇන්ඩ්රු-තැම්බුත්තේvillage Wednesday, 18 June 2025 02:37 PM

දැන් ගිහිල්ලා මාසෙකටත් කිට්ටුයි නේද? පනහක විතර නඩයක් එක්ක ගියේ රජයේ වියදමින්ද? නැත්නම් පක්ෂෙ අරමුදල් වලින්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1791 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 576 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site