IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ට්‍රම්ප් හැරිස් කරටකර සටනක්

ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේය. ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන් ද හැරිස් ඩිමොක්‍රටික් පක්ෂයෙන් ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙති.

ජනාධිපතිවරණයේ අවසන් ජන රැළිවලට ට්‍රම්ප් සහ හැරිස් අද දිනයේ සහභාගී වනු ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. පූර්ව ජනමත සමීක්ෂණ අනුව දෙදෙනා අතරේ කරටකර තියුණු සටනක් පැවැත්වෙනු ඇතැයි ද පැවැසෙයි.

සමීපක්ෂණ අනුව, කමලා හැරිස්ට සියයට 48 ක ඡන්ද ප්‍රතිශතයක් ද ට්‍රම්ප්ට සියයට 47 ක ඡන්ද ප්‍රතිශතයක් ද හිමිවනු ඇතැයි පෙනී ගොස් තිබේ. කිසිදු අපේක්ෂකයකු සියයට 50 සීමාව පසුකරන බවක් පෙන්නුම් නොකරයි.

ඇමෙරිකන් ව්‍යවස්ථාව අනුව, එරට ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ, සිවු වසරකට වරක්, නොවැම්බර් මාසයේ පළමු අඟහරුවාදා දිනයේය. මෙවර ජනාධිපතිවරණය හෙට (5) දිනයේ පැවැත්වෙන්නේ ඒ අනුවය.

ඇමෙරිකානුවන්ට ඡන්දය දිනට පෙර, වේලාසනින් ජනදය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා වුණු බැවින්, ජනපද රැසක වැසියෝ මේ වනවිටත් ඔවුන්ගේ ඡන්ද ප්‍රකාශ කර අවසන් බව ද පැවැසෙයි. ඒ අතරේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ද සිටී. බයිඩන් සිය ඡන්දය ප්‍රකාශ කළේ පසුගිය සතියේය. ඒ මිනිත්තු 40 ක් පමණ ඡන්ද පෝලිමක සිටිමිනි.

පූර්ව අනාවැකි පළ කළ නොහැකි, ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය තීන්දු කරන ජනපද කීපයකි. මෙය සෑම ජනාධිපතිවරණයකදීම දකින්න ලැබෙන සිදුවීමකි. එම ජනපදවල වැසියන් කුමන අපේක්ෂකයාට ඡන්දය දෙනවාදැයි කල් තියා ප්‍රකාශ කළ නොහැකිය. එසේ වුවත් අනුමාන කරන ආකාරයට, නෙවාඩා, උතුරු කැරොලයිනා, ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා ජනපද ඩොනල්ඩ් ට්‍රම්ප් වාසිදායක මට්ටමක් පෙන්නුම් කරන අතර. මිචිගන්, විස්කොන්සින් වැනි ජනපද කමලා හැරිස්ට වාසි දායක තත්ත්වයක් පෙන්නුම් කරයි.

අනුමාන කරන පරිදිම නෙවාඩා, උතුරු කැරොලයිනා, ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා ජනපද තමන් සතු කර ගැනීමට ට්‍රම්ප්ට හැකි වුවහොත් ඔහුට යළිත් වරක් ජනාධිපති ධුරයට පත්වීමට හැකියාවක් ලැබෙනු ඇතැයි ද පැවැසෙයි.

දැනට කමලා හැරිස් සතුව පවතින මිචිගන් ජනපදය ඩැහැ ගැනීමට ද ට්‍රම්ප් මේ වනවිට විශාල සටනක යෙදී සිටින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ට්‍රම්ප් මෙන්ම කමලා හැරිස් මාතෘකා කීපයක් යටතේ තම ඡන්ද සටන පවත්වයි. එයින් ප්‍රධාන මාතෘකාවක් වන්නේ ඇමෙරිකන් ආර්ථිකයයි. ගෝලීය ස්ථාවරභාවය සහ ඇමෙරිකාවේ භූමිකාව ද වැදගත් මාතෘකාවකි. සංක්‍රමණික ගැටලුව ද ට්‍රම්ප් සහ හැරිස්ගේ අවධානයට යොමු වී ඇත.



අදහස් (0)

ට්‍රම්ප් හැරිස් කරටකර සටනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 291 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site