IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ටෙස්ට් - එක්දින ශ්‍රේණිගත කිරීමේ පළමු තිදෙනාට අතරට ඒම මූලික ඉලක්කයයි

ඉදිරි වසර දෙක තුනක කාලය තුළදී ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින ක‍්‍රිකට් කණ්ඩායම් අන්තරජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු කණ්ඩායම් තුන අතරට ගෙන ඒම තමන්ගේ ප‍්‍රධානතම ඉලක්කය බව ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින නව නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

නව නායකයන් පත්කිරීම දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹ ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී ඊයේ (14) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇන්ජලෝ මැතිව්ස් මෙසේ ද පැවසීය.

”ආබාධයකට ලක්ව සුවය ලැබීමෙන් අනතුරුව පසුගිය සියලූ තරගවලට මා ක‍්‍රීඩා කළා”

”අන්තර්ජාතිකද, අන්තර් සමාජ මට වෙනසක් නෑ, මම කිසිම විටක ආබාධවලින් ගැලවෙන්න ක‍්‍රීඩා කරන්නෑ.  ඕනෑම තරගයකදී මගේ උපරිමය ලබාදෙන්න උත්සාහ කරනවා”

විස්සයි20 කණ්ඩායමේ නව නායක දිනේෂ් චන්දිමාල් පැවසුවේ විස්සයි20 කණ්ඩායමේ නායකත්වය ලැබීම ගැන තමන් ගොඩක් සතුටු වන බවත් මැතිව්ස් සමග එකතුව ශ්‍රී ලංකාවට ජය ගෙනඒමට දිගු ගමනක් යෑමට බලාපොරොත්තු වන බවත්ය.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පැවසුවේ ඇන්ජලෝට ටෙස්ට් සහ එක්දින නායකත්වයේ වගකීම නිදහසේ දැරීමේ අවස්ථාව ලබාදෙමින් විස්සයි20 නායකත්වයට චන්දිමාල් පත්කිරීමට තීරණය කළ බවයි.

”ඇන්ජලෝ විස්සයි20 කණ්ඩායම තරග ජය ලබමින් හොදින් මෙහෙයුවා. නමුත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ඔහුට ටෙස්ට් සහ එක්දින වගකීම පමණක් පැවරීමේ අවස්ථාව දීමට තේරීම් කමිටුව තීරණය කළා”

”බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරග දෙක වෙනුවෙන් නම් කළ සංචිතයේ තරුණ ක‍්‍රීඩකයන්ට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. ඒ වගේම එයට ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෝත් ඇතුළත්ව සිටිනවා. තිලාන් සහ ප‍්‍රසන්නට ස්ථානය අහිමිවී තිබෙනවා. තරුණ ක‍්‍රීඩකයන්ට අන්තර්ජාතික මට්ටමේ ක‍්‍රීඩකයන් සමග පුහුණුවීම් කර අත්දැකීම් ලබාගන්න හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා” යැයි තේරීම් කමිටු සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම සංචිතයට ඇතුළත්ව සිටින නවක වේග පන්දුයවන ක‍්‍රීඩක දුෂ්මන්ත චමීර වේගයෙන් මෙන්ම හොඳින් පන්දුයවන තරුණ ක‍්‍රීඩකයකු නිසා සංචිතයට ඇතුළත් කර බවද තේරිම් කමිටු සභාපතිවරයා පවසයි.



අදහස් (0)

ටෙස්ට් - එක්දින ශ්‍රේණිගත කිරීමේ පළමු තිදෙනාට අතරට ඒම මූලික ඉලක්කයයි

තත්සරණි Friday, 15 February 2013 11:43 AM

හොද තීරණයක්. නමුත් කුලේලා වගේ අය ගත්තා නම් හොද නැද්ද? (නි)

:       0       0

ජැක් Friday, 15 February 2013 08:41 AM

ඉතා හොද තීරණයකි. නමුත් එදවස තේරීම් කමිටුව ඔබට කළ දේ ඔබ මොවුන්ට කිසිදා කරන්න එපා. (නි)

:       0       0

රිස්වාන් Thursday, 14 February 2013 09:05 PM

බලමුකෝ කොහොම වෙයිද කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site